සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් සඳහන් කර ඇත්තේ සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බවයි .එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ , ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??