*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/01

  1. ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සතෝෂි (FUJIMARU Satoshi) සහ ප්‍රාදේශීය පුනර්ජීවනය සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමාමෝටෝ කොසෝ (YaMAMOTO Kozo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවෙති: මීට ඉහත ජපාන රජය විසින් ආධාර කරන ලද ශ්‍රී ලංකාවේ ඇණහිට ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරති: මෙරට ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් වූ පසු එකී ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට එකඟ වෙති.
  2. ආහාර කාර්මික අවශ්‍යතා සඳහා කුකුළු මස් ආනයනය කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි: වෙළඳපොලේ මිල පාලනය කිරීමේ පියවරක් ලෙස කුකුළු මස් ආනයනය කිරීමට තීරණය කළ බව ද පවසයි.
  3. මෙම වසරේ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු ආසාදිතයක් 56,000 කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි: ආසාදිතයන්ගෙන් 50% කට අධික ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත: නුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ආසාදන විශාල සංඛ්‍යාවක් ද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් සැලකිය යුතු මට්ටමේ ආසාදන සංඛ්‍යාවක් ද වාර්තා වී ඇති බව පවසයි.
  4. කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) විසින් මනිනු ලබන ශීර්ෂ උද්ධමනය ඉකුත් මසට සාපේක්ෂව 6.3% දක්වා තවදුරටත් පහතට: 2023 ජූනි වල CCPI මත පදනම් වූ උද්ධමනය 12% ලෙස ගණනය කරන ලදී: ආහාර උද්ධමනය ජූනි මස තිබූ 4.1% සිට ජූලි මස වන විට -1.4% දක්වා පහත වැටී ඇත.
  5. ඉකුත් සතියට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි: ගැනුම් මිල රු. 322.66 සිට රු. 322.96 දක්වා ඉහළට; විකුණුම් මිල රු. 335.40 සිට රු. 335.65 දක්වා ඉහළට
  6. හොරොව්පතාන ඩිපෝවේ ඩිපෝ පරීක්ෂකවරයෙකුට පහරදීමේ සිදුවීමකට විරෝධය පළ කරමින් ඩිපෝ කිහිපයකට අනුයුක්ත ලංගම සේවකයන් විසින් වැඩවර්ජනයක් දියත් කර තිබේ: දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොළොන්නරුව, කැබිතිගොල්ලෑව, කන්තලේ යන ඩිපෝවලට අනුයුක්ත සේවකයන් මෙසේ වැඩ වර්ජනයට සම්බන්ධ වී ඇත.
  7. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කරයි: ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 348 (රු. 20 කින් ඉහළට); ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 375 (රු. 10 කින් ඉහළට); සුපර් ඩීසල් ලීටරයක් රු. 358 (රු. 12 කින් ඉහළට); ඔටෝ ඩීසල් ලීටරයක් රු. 308 (රු. 2 කින් පහතට‍); භූමිතෙල් ලීටරයක් රු. 226 (රු. 10 කින් පහතට): ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ඉන්ධන මිල සංශෝධනය කරයි.
  8. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සුරැකීමට දායක වූ පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන්ට ප්‍රශංසා සහ ත්‍යාග පිරිනමයි: අල්ලසට යට නොවී රාජකාරි කරන පොලිස් නිලධාරීන් ශ්‍රී ලංකා පොලීසියට ආදර්ශමත් බව පවසයි.
  9. චීන රජයේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර යටතේ කොළඹ අලුත්කඩේ පිහිටි උපරිමාධිකරණ සංකීර්ණයේ පුළුල් ප්‍රතිසංස්කරණ කටයුතු අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ඛි සෙන්හොංග් (Qi Zhenhong) ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ: මෙම ව්‍යාපෘතිය ඇ.ඩො. මිලියන 33.6 ක වියදමින් සිදුකෙරෙන අතර අදියර දෙකක් යටතේ මාස 32 කින් නිම කිරීමට අපේක්ෂා කෙරේ.
  10. මහ බැංකුව සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව (2023 ජූලි) ප්‍රකාශයට පත් කරයි: මෙම වාර්තාව “මුදල් ප්‍රතිපත්තියේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වන අතර, මුදල් ප්‍රතිපත්ති පිළිබඳ තීරණ සැකසීමේදී මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලද තොරතුරු බෙදා හැරීම හරහා ආර්ථිකයේ සියලු පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන” බව පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan