ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් ලක්ෂ 4ක වැටුපක් ගන්නේ මාසෙට පැය 20ක් උගන්නලා – විජේදාස (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ වැටුප් එංගලන්තයේ වැටුප් හා සංසන්දනය කිරීම තේරුමක් නොමැති ක්‍රියාවක් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

එංගලන්තයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයකු මසකට පැය 140ක් ඉගැන්විය යුතු නමුත් ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයකු ඉගැන්විය යුතු වන්නේ මසකට පැය 20ක් පමණක් බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙරට පාසල් ගුරුවරුන් රුපියල් තිස් දහසක් – හතළිස් දහසක් වැනි වැටුපක් ගනිද්දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට ඉහළට වැටුප් ගන්නා බව පැවසූ ඒ මහතා ජ්‍යේෂ්ඨ මහාචාර්යවරුන් රුපියල් ලක්ෂ හතරක් – පහක් වැනි වැටුපක් ගන්නා බවත් ප්‍රකාශ කළේය.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...