කැලෑ ගිනිතැබීම් නිවාදැමීම සඳහා අවශ්‍ය පහසුකම් හා තාක්ෂණය නෑ – දිස්ත්‍රික් අපදා කළමණාකරන මධ්‍යස්ථානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බදුල්ල දිස්ත්‍රික් අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ‍.එම්.එල් උදය කුමාර මහතා සඳහන් කළේ, කැලෑ ගිනිතැබීම් නිවාදැමීම සඳහා අවශ්‍ය පහසුකම් හා තාක්ෂණය තමන් සතුව නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 15ක බහුල වශයෙන් කැලෑ ගිනිතැබීම් සිදුවන බවද උදය කුමාර මහතා පවසයි.

“බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින වියළි කාලගුණය සමඟ ඒ ඒ ප්‍රදේශවල ඉන්න ජනතාව හිතාමතාම සිදුකරනු ලබන කැලෑ ගිනි බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම බොහෝ ප්‍රදේශවල ගිනි වාර්තා වෙනවා. සමහර අවස්ථාවල වාර්තා වෙන ගිනි ප්‍රමාණය 10කට ආසන්න වෙනවා එකම දවසක් තුළ. ත්‍රිවිධ හමුදාවෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වගේම ගිනිනිවන ඒකකවල සහය ලබාගෙන ගිනි පාලනයට උත්සාහ දැරුවත් ඒවා ඉතාම සාර්ථක වැඩසටහන් බවට පත්වෙන්නේ නෑ. අපිට දියුණු තාක්ෂණික ක්‍රම නෑ ගිනි පාලනය කිරීම සඳහා. මේ තත්ත්වය අනාගතයේ දැඩි අවදානම් පසුබිමක් නිර්මාණය කරන්න පුළුවන්. මේ වර්ෂය තුළ දීම වුවත් අධික වර්ෂාවක් ඇති වුවහොත් දැඩි නායයෑම් සහ ගල් පෙරළීම් නිසා ජීවිත හා දේපළ හානිවීමේ බරපතළ තර්ජනයක් ඇතිවීමේ හැකියාව තියෙනවා.”

ඒ මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...