අපේ අරමුණ ඩොලර් ගේන එක වුණත් සමහරුන්ට තියෙන්නේ ඩොලර්වලට නෑකමක් – මනූෂ

Date:

කොළඹ LNW: අපිට ඇත්තේ රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ඕනෑකමක් වන නමුත් ඇතැමුන්ට ඇත්තේ ඩොලර්වලට නෑකමක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඔවුන් තවමත් හන්දි ගානේ විරෝධතා පවත්වමින් යන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කුමන විරෝධතාව එල්ල වුවද මෙතරම් රාජ්‍ය තාන්ත්‍රික සහයක් ලැබුණු අවස්ථාවක් මින් පෙර දැක නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

”ප්‍රංශ ජනාධිපතිවරයෙක් පළමු වතාවට ලංකාවට එන්නේ. ඉන්දියාවේ අගමැතිවරයා හමුවෙලා ආවේ. ජපානයත් අපිට විශේෂ සහායක් ලබාදෙනවා. චීනයත් එකට එකතුවෙලා ලංකාවට සහාය දෙන්න කියලා ලෝකයේ අනෙක් රටවල් කියනවා. නිවැරදි විදියට, පාරදෘශ්‍ය විදියට මේ වැඩ කටයුතු සිදුවෙනවා, මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු වෙනවා කියලා ලෝකයම දැන් දන්නවා. අපිට තිබුණේ රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ඕනෑ කමක්. ඒත් ඩොලර්වලට නෑකම් කියන අය තවමත් හංදි හංදි ගානේ විරෝධතා පවත්වමින් යනවා. ඒ අය කියන කියන විදියට ලෝකය විශ්වාස කරනවා නම් අපේ රටට මේ සහාය ලැබෙන්නේ නෑ. ලංකාවට මේ ලැබෙන සහයෝගය මින් පෙර කවදාවත් ජාත්‍යන්තර වශයෙන් ලැබිලා නෑ.”

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා පොදු එකඟතාවෙන් ඉදිරිපත්වීමට නියමිත අතර ඒ සඳහා විපක්ෂයේ සිටිනපිරිස් ඇතුළු බොහෝ දෙනා කැමැත්ත පළකර තිබෙන බව මනූෂ නානායක්කාර මහතා පවසයි.

මේ මොහොතේ අවශ්‍ය පක්ෂ දේශපාලනයක් නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”තෙල් ටික, බෙහෙත් ටික දෙන්න පුලුවන් වෙලා තියෙනවා. පෝලිම් ටික නැති කරලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යන්න, ඉදිරියට ගිහින් පොළී අනුපාත අඩු කරලා ඉදිරියට යන්න පුලුවන් වෙලා තියෙනවා. මිනිස්සු ඉල්ලපු වෙනස කරලා හරි විදියට රට ගෙන යන්න හැමෝගෙම ඒකමිතිය තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. පාට පක්ෂ භේද පැත්තකට දාලා සියලු දෙනාමට එකට එකතු වෙන්න කියලා තියෙන්නේ. ලබන අවුරුද්ද මැතිවරණ වර්ෂයක් බවට පත්වේවි. ජනාධිපතිවරණයෙන් පටන් අරගෙන මැතිවරණ තියාවි. රටේ දැනුම් තේරුම් ඇති අය, රටේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන අය අවශ්‍ය කරන තීන්දු තීරණ ගනීවි. අගෝස්තු මාසයේ සිට අස්වැසුම ගෙවීම් කටයුතු ආරම්භ කරනවා. අභියාචනා ඉදිරිපත් කරලා තියෙන අයටත් ගෙවීම් කටයුතු සිදුකරනවා. ජනතාවට අපහසුතා සිදුවන, දුප්පත් ජනතාව රැක බලාගැනීමේ වැඩපිළිවෙල ආණ්ඩුවට තියෙනවා. විදුලියෙන්, ජලයෙන්, ඉන්ධනවලින් සල්ලි තියෙන අයටත් සහන ලබාදෙන කාලය ඉවරයි. සහන අවශ්‍ය අය රැක බලා ගැනීම තමයි ආණ්ඩුවේ වැඩපිළිවෙල වෙන්නේ.ආනන්ද සමරකෝන් මහතා ලියපු ජාතික ගීයේ වචනයක් වෙනස් අකුරක් වෙනස් වුනාම හැමෝම කෑ ගහනවා. ඒත් ජාතියක් විනාශ කරපු එක ගැන මේ තරම් කතා කළේ නෑ. රටේ ආර්ථිකය විනාශ වීම් ගැන, මිනිසුන්ගේ බුද්ධිය නැති කරලා, මිනිස්සු මොට මිනිසුන් කිරීම ගැන, රාජ්‍ය දේපල විනාශ වීම් ගැනත් මෙහෙම හිතුවා නම් රටක් විදියට ඉදිරියට යන්න තිබුණා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...