*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

අගමැතිගේ අභියෝගය සජබ බාරගනී – ලබන මාසයේ සල්ගාදු ක්‍රීඩාංගනයේදී දැවැන්ත රැළියක්!

කුමන්ත්‍රණවලින් තොරව ආණ්ඩු බලය ලබාගෙන පෙන්වන්නැයි අගමැතිවරයා ඊයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී සිදුකළ අභියෝගය බාර ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

ජනවරම තිබෙන්නේ කාටදැයි බලා ගැනීමට නම් මැතිවරණයක් පැවැත්විය යුතු බවත්, ඒ අනුව හැකිනම් වසර ගණනාවක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් මරික්කාර් මහතා පවසනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ජනවරම තිබෙන්නේ කොතැනදැයි මහින්ද රාජපක්ෂ මහතා හොඳින්ම දන්නා බව පෙන්වා දෙන මරික්කාර් මහතා පවසන්නේ විවිධ හේතු දක්වමින් පළාත් සභා මැතිවරණය කල් දමන්නේ ඒ නිසා බවයි.

අගමැතිවරයාට මෙන්ම සමගි ජන බලවේගයටද පාරත්, වැල්ලත් පමණක් නොව වෙනත් ඔ්නෑම ස්ථානයක් ඔට්ටු බවත්, විපක්ෂයට ඇති ජන බලය පෙන්වීම සඳහා ලබන මාසයේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදීම මහා ජන රැළියක් පවත්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan