*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

පළමු තරග දෙකේ වතුර ඇද අවසානයේ ජයග්‍රහණයේ බර ඇද්ද වෝකර්ස් සහ වුඩ්

අළු බදුන නිමා විය.එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බදුන ක්‍රිකට් තරගාවලිය යනු වන්දනාවක්ය.එය දෙරට ක්‍රීඩකයන් සිය බෞතීස්මය බලා සිටින මොහොතය.දෙරටේ ක්‍රීඩකයන්ට අළු බදුන තරගයකට පෙනී සිටීම යන්නද සිහිනයක් වන අතර එවැනි තරගයක නැතිනම් තරගාවලියක වීරයෙක් වීම යනු ශුද්ධ වූ වන්දනාවේ මහත්පල මහත් ආනිශංස එකවර පහළ වීමක්ය.
මෙවර අළු බදුන තරගාවලිය පටන් ගත්තේම තරගාවලිය ඔස්ට්‍රේලියාවට බරවය.ඒ ඔවුන් ලෝක ටෙස්ට් සූරයන් වූවා පමණක්ම නොව ඔවුන් තරගාවලියට පැමිණෙන්නේ ද ඊට පෙර වතාවෙ දිනූ අළු බදුනේ හිමිකාරයන් හැටියටය.ඒ අභිමානය සමඟ ඔවුන් පළමු තරග දෙකේ දී එංගලන්තය පරාජය කරමින් සිය හැකියාව සහ විශ්වාසය සහතික කර ගන්නටත් සමත් වන්නේය.ටෙස්ට් ක්‍රිකට් රටාව වෙනස් කරමින් පන්දුවට පහර දීමේ රිද්මයට ආක්‍රමණය සහ වේගය රැඟෙන ආ බ්‍රෙන්ඩන් මැකලම්ගේ පුහුණු ක්‍රමවේදය මෙන්ම එම පරාජයන් සමඟ ක්‍රිකට් ලෝකයම නායක බෙන් ස්ටොක්ස් ඇතුළු එංගලන්ත කණ්ඩායමම විවේචනය කරන්නට පටන් ගන්නේය.


මේ අවස්ථාවේ පළමු තරග දෙකේදීම එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩා කළ 11 දෙනාට අයත්ව නොසිටි සිය සහෝදර ක්‍රීඩකයන්ට වතුර ඇද්ද වේග පන්දු යවන්නන් දෙදෙනෙක් තෙවන තරගයේදී පිටියට රැඟෙන එන්නට මැකලම් කල්පනා කරන්නේය.වැඩේ තිතට වැඩ කරන්නේ එම පන්දු යවන්නන් දෙදෙනා වූ මාක් වුඩ් සහ ක්‍රිස් වෝකර්ස් දෙදෙනාගෙන් වුඩ් එම තරගය එංගලන්තයට දිනා දුන් වීරයාද කරමින්ය.


වුඩ් තරගයේ කඩුලු හතක් ඉණිම දෙකේදී සිය කඩුලු පැසේ රුවා ගන්නා අතර වෝකර්ස් ඉණම දෙකේදී කඩුලු 6 ට වග කියන්නේය.වැදගත්ම කාරණය වූයේ අඩු ලකුණු වාර්තා වූ මේ තරගයේදී එංගලන්තය කඩුලු 3 ක් ජයක් කරා රැඟෙන යමින් මේ දෙදෙනා අටවන කඩුල්ලට නොදැවුණු ලකුණු 24 ක් එක් කිරීමය.එහිදී වෝකර්ස් නොදැවී ලකුණු 32 ක් රැස් කරන අතර වුඩ් නොදැවී ලකුණු 16 ක් ලබන්නේය.එම ජයග්‍රහණය සහ වුඩ් – වෝකරස් යුගලය තරගයේ කළ හරිය දැන ගැනීමට එම තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/the-ashes-2023-1336037/england-vs-australia-3rd-test-1336045/full-scorecard
සිව්වන තරගයට එන විට වුඩ් සහ වෝකර්ස් දෙදෙනාම මැකලම්ටත්,ස්ටොක්ස්ටත් සිය පන්දුවෙන් සහ පිත්තෙන් පළමු සහ දෙවන තරගවලදී වැඩ නොගැනීම ගැන අවවාද කර තිබිණ.සිව්වන තරගයට එන්නේ පරාජය ජයග්‍රහණය පැත්තට හරවා ගැනීමට හැකිය යන විශ්වාසයෙන්ය.පළමු ඉණිමේ ඕස්ට්‍රේලියාව ලකුණු 317 ක් කරා යද්දී වුඩ් එක කඩුල්ලකින් පමණක් සෑහුණ ද වෝකර්ස් එසේ නොවිණ.ඔහු කඩුලු 5 ක් ම තමන්ගේ කර ගත්තේය.අනතුරුව එංගලන්ත පිතිකරුවන් ලකුණු 592 ක් කරා රැඟෙන යන්නට ලකුණු 189 ක් රැස් කර ෂැක් ක්‍රෝලි පෙරමුණ ගත්තේය.
ඉණිමක පරාජයෙන් බේරීම සදහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියාවට ඉණිමක පරාජයෙන් බේරීමට තවත් ලකුණු 61 ක් අවශ්‍යයව සිටියදී තරගය වර්ෂාව නිසා අත් හිටුවන්නට සිදු විය.දිවා භෝජනයෙන් පසුව නොපැවත් වූ එම තරගයේ ජයග්‍රහණය ආශ්චර්යක් නොවුණානම් එංගලන්තයට ජය අත්වන ලකුණු පෙන්නා තිබුණේය.ඒ වන විට ඕස්ට්‍රේලියාව කඩුලු 5 ට ලබා තිබුණේ ලකුණු 214 ක් පමණි.දැවී ගිය කඩුලු 5 න් 3 ක් ම වුඩ් හිමි කරගෙන තිබුණ අතර වෝකර්ස් ද එක් කඩුල්ලක් දවා ගෙන තිබුණේය.
සිව්වැනි තරගයේ ලකුණු පූවරුව පහතින් දැක් වේ.
https://www.espncricinfo.com/series/the-ashes-2023-1336037/england-vs-australia-4th-test-1336046/full-scorecard
පස්වන තරගය ඔස්ට්‍රේලියාවට ජය නොගත්ත ද පරාජය නොවී සිටීමෙන් තරගාවලි ජය අත් කර ගන්නට හැකියාව තිබිණ.එංගලන්තයට වඩා පළමු ඉණිමේ දී ලකුණු 12 ක වාසියක් ද ලබා ගනිමින් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගත්තේය.දෙවන ඉණිමේදී ඔස්ට්‍රේලියාවට අවශ්‍යයව තිබුණ ඉලක්කයට පහසුවෙන් ළඟා විය හැකි බව පෙන්වමින් උස්මන් කවාජා සහ ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ලට පමණක් ලකුණු 140 ක් රැස් කරන්නට සමත් විය.
නමුත් කඩුලු එක පිට එක පිට දවා ගනිමින් වොකර්ස් පෙරමුණ ගනිමින් ලකුණු 40 කඩුලු 4 ක් දවා ගන්නට සමත් විය.වුඩ් ද දෙවන ඉණිමේ එක කඩුල්ලක් දවා ගත් අතර ලකුණු 331 ට ඕස්ට්‍රේලියා ඉණිම නිමාවන විට එංගලන්තය ඉදිරියේ ලකුණු 49 ක ජයග්‍රහණයක් සටහන්ව තිබුණේ අළු බදුන තරගාවලිය 2-2 ක් ලෙස සම මට්ටමට පත් කරමින්ය.
පළමු තරග දෙකේ වතුර ඇද්ද වෝකර්ස් සහ වුඩ් පිලිවෙළින් මේ තරගයේ පළමු ඉණිමේදී ද කඩුලු 3 සහ 2 බැඟින් දවා ගෙන තිබිණ.මුළු තරගයේ කඩුලු 7 ක් දවා ගත් වෝකර්ස් පස්වන ටෙස්ට් තරගයේ වීරයා පමණක් නොව සමස්ත තරගාවලිය තුළ ලකුණු 79 ක් සමඟ කඩුලු 19 ක් ද දවා ගනිමින් තරගාවලියේ විරයා වන්නට ද සුදුසුකම් ලද්දේය.
පළමු තරග දෙකේ කණ්ඩායමේ සඟයන්ට වතුර ඇදීම සඳහා යොදා ගත් වුඩ් සහ වෝකර්ස් තරගාවලිය නිමා කළේ එංගලන්තයට ජයග්‍රහණය සඳහා ඉතිරි තරග තුනේ බර කරට ගෙන ඇඳන් ගිය වීරයන් හැටියටය.
පහතින් දැක්වෙන්නේ පස්වන තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන මඟය.
https://www.espncricinfo.com/series/the-ashes-2023-1336037/england-vs-australia-5th-test-1336047/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan