අන්ත සමාජවාදයෙන්වත් අන්ත කොමියුනිස්ට්වාදයෙන්වත් රටක් ගොඩ ගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මෙරට ගොඩගන්න නම් ව්‍යවසායකත්වට මුල්තැන දිය යුතු බවත් වෙළෙඳපොළ බලවේග හරහා නිර්මාණය වන ප්‍රාග්ධන සම්පත අවහිරයකින් බාධාවකින් තොරව නිදහස් වෙළෙඳපොළ ආර්ථික බලවේග තුළ නිර්මාණය විය යුතු බවත් ඒ සදහා මානුෂීය ධනවාදී ප්‍රතිපත්තිය හෙවත් මැද මාවත හරහා ඉඩකඩ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මානුෂීය ධනවාදය තුළ වෙළෙඳපොළ බලවේග සදහා ධන උත්පාදනයට අවස්ථාව ලබා දෙනවා සේම මෙහි දී ඇති වන විෂමතා බෙදීම් මගහරවා ගෙන දුකට පත් අයත් ශක්තිමත් කර වැඩ කරන ජනතාවට සාධාරණ නීති රාමුවක් තුළ සේවය කළ හැකි සේවක සුරක්ෂිතභාවය මෙන් ම තමන්ගේ මහන්සියට නිසි වේතනයක් ලැබිය යුතු බවත් ඒ සදහා කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

නිදහස් වෙළෙඳපොළ බලවේගවලට පමණක් මෙරට කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම ලබා දිය නොහැකි බවත් මෙකී මැදමාවත තුළ නිදහස් පෞද්ගලික ව්‍යවසායකත්වයට උපරිම තැන ලබා දී ප්‍රග්ධන උත්පාදනය කළ හැකි බවත් පැවසීය. ආණ්ඩුවලට තනිවම ව්‍යාපාර කළ නොහැකි බැවින් ඒ සඳහා පෞද්ගලික ව්‍යවසාය යොදා ගත හැකි බවත් එසේ උත්පාදනය කරන ධනය සැමට සාධාරණව සමානව බෙදිය හැකි ලෙස භාවිත කළ යුතු බවත් එය සමගි ජන බලවේගයේ එකම අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

අන්ත සමාජවාදය තුළවත් අන්ත කොමියුනිස්ට් වාදය තුළවත් රටක් සෞභාග්‍ය කරා ගෙන යා නොහැකි බවත් එය මිත්‍යාවක් බවත් පෞද්ගලික ව්‍යවසායකත්වය සහ මානුෂීය ධනවාදය රටක ධන උත්පාදනයට අත්‍යාවශ්‍ය බවත් එසේ නිපදවන ධනය ඇති හැකි අයට මෙන්ම නැති බැරි අයටත් සමසේ බෙදිය හැකි මානුෂීය ධනවාදී ක්‍රමය වඩාත් සාර්ථක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (3) විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි. දේශපාලන පක්ෂයකට අයත් වෘත්තීය සමිතියක සමාජ සුබසාධන වැඩසටහනක් ප්‍රථම වතාවට ක්‍රියාත්මක වීමක් ලෙස මෙය හැදින්විය හැකි යි.

මෙරට සමහර කම්කරුවා රකින නීති රීති සහමුලින්ම විනාශ කරන යුගයක් උදා වි ඇති මේ මොහොතේ කම්කරුවාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් එහි එක් වැඩසටහනක් ලෙස වැඩ කරන ජනතාවගේ සුබසාධනය උදෙසා මෙම ඓතිහාසික වැඩපිලිවෙළ ආරම්භ කරන බවත් මේ තුළින් මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් කට වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද කටයුතු කරන්නේ සමගි ජන බලවේගය බව ඔප්පු වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...