*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

පුහුණුකරුවන්ට නොසැළකීම් ගැන පසුතැවීම

ලංකාවේ මේ මොහොතේ බොහෝ ක්‍රිඩාවන් හී දක්ෂතා රැදී පවතින්නේ ක්‍රීඩකයා මත සහ පුහුණුකරුවා මතය.ක්‍රීඩකයා බොහෝ දුෂ්කරතා දරාගෙන දුවන අතර ඒ සියල්ල ඉවසන රිසි මනස සකසන්නේ ද,මඟ පෙන්වන්නේද පුහුණුකරුය.ක්‍රීඩා අමාත්‍යංශයට ආහාර දීමනාව ලබා දීමටවත් වැඩ පිළිවෙලක් නැති අතර,ක්‍රීඩාවන් පෝෂණය කරනු වෙනුවට ඔවුන් බලා සිටින්නේ තමන්ගේ ලොකුකම පෙන්නා අතින් වියදම් කරගෙන උපකාරයට යන මිනිසුන්වද වගකීම්වලින් කපා හරින්නය.මලල ක්‍රිඩා සංගමයට ද ඒ ආකාරයෙන් ඔවුන්ව රැක බලා ගන්නට වගකීමක් නැති අතර ඔවුන් දැඩි දුෂ්කරතා මෙන්ම ක්‍රිඩා අමාත්‍යංශයෙන් සංචාර සඳහා ලැබෙන අනුග්‍රහද ක්ෂණිකව අතට පත්වීම වළක්වන තත්ත්වයක් තුළ ක්‍රිඩක ක්‍රීඩිකාවන් මත බර පැටවීම අවම කරමින් සංචාර සඳහා එක් කර ගැනීම පමණක් සිඳු කර ඇත.එයද ඇගයිය යුතුය.


මෙවැනි වාතාවරණයක ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව පසුගිය කාලයේ සුවිශාල ජයග්‍රහණ ගණනාවක් ලැබුවේය.යොවුන්,කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස ආසියාතික මට්ටමේ ලැබූ එම ජයග්‍රහණවලදී ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රහණ සමඟ අලුත් වූ ජාතික සහ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලි වාර්තා නිසා ලාංකේය සමාජය ඒ කෙරෙහි තදින් ආකර්ශණය විය.මෙවර පැවති 101 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියටද කලෙකට පසුව විශාල සෙනඟක් එක්ව සිටියේ මේ ජාතික සූරයන් යළිත් ඉහළ දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂාවන් පෙරදැරි කරගෙනය.
මේ උනන්දුව ප්‍රයෝජනය ගෙන දම්රෝ ආසියාතික මට්ටමේ ජයග්‍රාහකයන් වෙනුවෙන් තිළින දීමට මෙන්ම,ආසියානු සූරාවලියට සහභාගි වන මලල ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට අනුග්‍රහය දැක්වීමට ද ඉදිරිපත් වීය.එය අතිශයින් වැදගත් සහ අත්‍යවශ්‍යය ස්තූති පූර්වකව ගෞරවය දැක්විය යුතු තීරණයක්ය.නමුත් එම ප්‍රදානයන් හී මිල වටිනාකමට වඩා යොවුන් ක්‍රිඩකයින්,කණිෂ්ඨ ක්‍රිඩකයින් සහ පුහුණුකරුවන් ද ඊට ඇතුළත් වූවේනම් මේ ප්‍රදානයන්හී පැතිරීම මුදල ඉක්මවා ගිය සපිරි එකක් වන්නට තිබිණ.කණිෂ්ඨ අංශයෙන් ආසියාතික මට්ටමේ ජය එකතු කළ තරුෂි කරුණාරත්නම ජ්‍යෙෂ්ඨ අංශයේදී ද එම තරග ජය ගනිමින් ආසියාතික මට්ටමේ ද වාර්තා සහිත ජයග්‍රහණ ලැබූ අතර එය නැග්මේ ප්‍රතිපල විදහා පෙන්වන තත්ත්වයකි.


අප ඊයේ මේ ගැන මෙන්ම ජාතික සහ ආසියාතික සූරතාවලි වාර්තා සඳහාද වෙනම වටිනාකමක් දුන්නේ නම් මෙ ප්‍රදානයන් හී තත්ත්වය තවත් ඉහළට යා හැකි බව පෙන්වා දුන් අතර අප විසින් ඒ පෙන්වා දුන් පරිදිම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ජයග්‍රහණය ගෙන දුන් පුහුණුකරුවෝ පශ්චාත්පයෙන් එම ප්‍රදානයන්හී දී ඔවුන්ව නොසළකා හැරීම පිළිබඳව කරුණු දක්වා ඇත.
මෙයින් අනුග්‍රාහකයා සිත් පාරා ගත යුතු නැත.ඔවුන්ට ඇති කරගත් ත්‍යාගශීලී සිත සම්බන්ධයෙන් වන අර්බූදයක් මෙහි නැත.නමුත් එම අනුග්‍රහය සිඳු විය යුතු ආකාරය ගැන කියන්නට පොළවේ හතර කොණ දන්නේ මලල ක්‍රීඩා පරිපාලකයන් නිසා දීමට වඩා හරියට නොදීමෙන් ඇතිවන තත්ත්වය පෙන්නා දීම ඔවුන්ගේ වගකීමක්ය.අප පහතින් පුහුණුකරුවන් කර ඇති අදහස් දැක්වීම ඉදිරිපත් කරන අතර දම්රෝ ශක්තිය හැකිනම් මඟ හැරුණු වටිනාකම් වෙනුවෙන් එකතු කරන ලෙස ද ඉල්ලා සිටින්නෙමු.
පහත මඟ හැරුණු කොටස් ද එම ප්‍රදානයන්හී දී සැළකිල්ලට ගත්තේනම් අතිශයින් වැදගත්ය.දැන් ද වැදගත් නොවන බව අපි නොකියන්නෙමු.නමුත් හරි මඟ පෙන්වීමක් ලැබුණේ නම් එම වැදගත්කම අතිශයින් වැදගත් විය හැකිව තිබිණ.
1.යොවුන් සහ කණිෂ්ඨ ආසියාතික මට්ටමේ ජයග්‍රාහකයින් සහ පුහුණුකරුවන්.
2 ජ්‍යෙෂ්ඨ අංශයේ පුහුණුකරුවන්
3.ශ්‍රි ලංකා සහ ආසියාතික වාර්තා තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්

පහතින් දැක්වෙන්නේ පුහුණුකරුවන් නොසළකා හරීම සම්බන්ධයෙන් ඔවුන් දැක් වූ අදහස් ය.
ආසියානු පදක්කම් දිනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාව
අප යටතේ පුහුණුව ලැබ ආසියානු මලල ක්‍රීඩා ශුරතාවයෙදී පදක්කම් හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මුල්‍යම වශයෙන් ත්‍යාග ලබා දී ඔවුන්ව ඇගයීමට ලක්කිරීමට කටයුතු කිරීම පිලිබදව දම්රෝ ආයතනයටත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයටත් ඔවුන්ගේ පුහුනුකරුවන්වන අප හදවතින්ම ස්තුතිය පුදකර සිටිමි. එම මුල්‍යමය ත්‍යාග ලබා දීම පිළිබඳව එම දරුවන්ගේ දෙමව්පියන් සතුටු වූ හා සමානවම ඔවුන්ගේ පුහුණුකරුවන් වන අපද ඉතා සතුටට පත්වෙමි
එනමුත් අදාල පුහුණුකරුවන්ගේ කාර්‍ය භාරය නොවන්නට ඉහත කිසිදු ක්‍රීඩක ක්‍රීඩිකාවකට කිසිසේත්ම ආසියානු පදක්කම් දිනීමට හැකියාවක් නොලැබෙනු ඇත. එසේ නම් මලල ක්‍රීඩා ආයතනයටද මෙවැනි උත්සවයක් කිරීමට අවස්තාවක් නොලැබෙනු ඇත..
මෙවන් ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ සහජ දක්ෂතාවය, කැපවීම, අධිශ්ටානය නොපසු බස්නා උත්සාහය පැහැදිලි ලෙසම අත්‍යවශ්‍ය වන අතර ඒ හා සමානවම අදාළ පුහුණුකරුවන්ගේ දැනුම, දක්ෂතාවය නිර්මාණ ශීලිභාවය ඉමහත් කැපවීම අත්‍යවශ්‍ය වන අතර ඉහත ක්‍රීඩකයා සහ පුහුණුකරු යන දෙදෙනාගෙන්ම ඉටුවියයුතු සියලු කාර්‍ය භාරයන් සාර්ථකව ඉටුවුවහොත් පමණයි අදාළ ඉලක්කය සපුරා ගත හැකිවන්නේ.
2023 ආසියානු මලල ක්‍රීඩා ශුරතාවයෙදී අප රටට පදක්කම් රැසක් දිනා ගැනීමට හැකිවුයේ ක්‍රීඩකයා සහ පුහුණුකරු යන දෙදෙනාගේම කාර්‍ය භාරයන් 100% ම ඉටුවීම හෙතුකොටගේන බව පැහැදිලි ලෙසම සඳහන් කර සිටිමි.
කාරනා මෙසේ තිබියදී ආසියානු පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් උපහාර පුදකර පුහුණුකරුවන් විසින් පෙන්වනලද ආසියානු මට්ටමේ දක්ෂතාවය සහ රටට ඉමහත් කීර්තියක් අත්කර දීමට ඉටුකරන ලද විශිෂ්ට සේවය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සහ දම්රෝ ආයතනය එක්ව පසුගියදා කරනු ලැබූ උපහාර උළෙලේදී කිසිදු ඇගයීමකට ලක්‌ නොකිරීමට කටයුතු කිරීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට අප පුහුණුකරුවන්ගේ දැඩි අප්‍රසාදය සහ බලවත් කනගාටුව ප්‍රකාස කර සිටිමු.
දම්රෝ සමාගමින් මලල ක්‍රීඩා ආයතනයට ආසියානු ක්‍රීඩා වෙනුවෙන් ඉදිරි මාස දෙක සඳහා වැය කිරීමට ලබා දී ඇති ලක්ෂ 50 ක මුදලින් අදාල පුහුණුකරුවන්ට පාවහන් යුගලක් සහ ඉදිරි මාස දෙක සඳහා මසකට රු 40000/= බැගින් ගෙවීමට කටයුතු කරන බව සභාපති තුමන් පැවසු බව ලංකාදීප පුවත්පතින් දැනගන්නට ලැබුණි එනමුත් එම දීමනාව පුහුණුකරුවන්ට ගෙවනු ලබන්නේ ආසියානු ක්‍රීඩා උලෙලෙට සහභාගී වීමට සිටින අප යටතේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඉටුකරනු ලබන කාර්‍ය භාරය වෙනුවෙනි.


මෙම කටයුත්ත අප පුහුනුකරුවන්ට උපහාර පිදීමට කටයුතු නොකිරීම අතර කිසිදු සම්බන්දයක් නොමැති බව පැහැදිලි ලෙසම සඳහන් කල යුතුය.
අප රටේ මෙන්ම ජාත්‍යන්තරයෙද සම්මතය වනුයේ මෙවැනි අවස්ථාවන්වල ක්‍රීඩකයන් වෙනුවෙන් පිරිනමන මුල්‍යමය වටිනාකමෙන් 25% ක මුල්‍යමය වටිනාකමක් පුහුණු කරුටද ලබා දියයුතුව ඇතිබවය්. මෙය රජයද පෞද්ගලික ද යන්න සැලකිල්ලට ගතයුතු නොවන අතර පුහුණුකරු විසින් පෙන්වන ලද දක්ෂතාවය සහ රට වෙනුවෙන් ඉටුකරනලද විශිෂ්ට සේවය ඇගයීම වස් මෙය ලබා දියයුතුව ඇත. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අප හට පැවසුවේ දම්රෝ ආයතනය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව පමණක් ඇගයීමට මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බවය මෙය සත්‍යක් දැය් අප නොදනී.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan