වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න – නැත්නම් මිනිස්සු පාරට බහියි

Date:

කොළඹ LNW:ජනාධිපතිවරයා දැන් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

සැබෑ ජනමතය පිරික්සීම සඳහා මැතිවරණයකට නොයන්නේ නම් ජනතාව පාරට බසිනු ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දැන් සිදුකරමින් ඉන්නේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් චරිතය රඟපාමින් සිටීම බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ නොහැකියාව දැන් ඔප්පු වෙමින් තිබෙන බවද හෙතෙම පවසයි.
ඇමති කාංචන විජේසේකරගේ මිල දර්ශකය අනුව ඔහු පැවසුවේ ඉදිරියට යන විට ඉන්ධන මිල අඩුවන බව වුවත් දැන් හදිසි මිලදීගැනීම් බවට පවසමින් කොමිස් ගැසීමේ උත්සාහයක නිරතව සිටින බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පවතින තත්ත්වය අනුව රට බේරා ගත හැක්කේ සමඟි ජන බලවේගයට බවත් හොරුන්ගෙන් නිර්මාණය වුණ ජනාධිපතිවරයෙක් හරීන්ට සහ මනූෂට ලොකු වී ඇති නමුත් සමඟි ජන බලවේගටය ගැරහීමෙන් වළකින ලෙසද ඔහු ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...