රජයේ තොරතුරු ඩිජිටල් කරන්න යයි!

Date:

කොළඹ LNW:මහා භාණ්ඩාගාරය හා සම්බන්ධිත රජයේ ප්‍රධාන තොරතුරු පද්ධති ඩිජිටල්කරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

ඒකාබද්ධ කළමනාකරණ තොරතුරු පද්ධතියට (ITMIS) රාජ්‍ය ආයතන සියල්ල කඩිනමින් ඇතුළත් කරගැනීම උදෙසා ගතයුතු ඉදිරි පියවරයන් සාකච්ඡා කිරීමට සහ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) මනා ලෙස උපයෝගී කරගැනීමට සිදුකළ යුතු වෙනස්කම් හා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව මෙන්ම, සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...