කෝප් සභාපති ධුරය යළිත් චරිත හේරත්ට

Date:

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා තේරී පත්ව තිබෙනවා. ඔහු මීට පෙරද කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භවීමෙන් පසුව පළමු වරට අද කෝප් කමිටුව රැස් වූ අතර අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් චරිත හේරත් මහතාගේ නම සභාපති ධුරය සඳයා යෝජනා කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා එය ස්ථිර කළේය.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, (ආචාර්ය) සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, ඩී. වී. චානක, ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සුසිල් ප්‍රේමජයන්ත, අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

මේ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා පත්ව තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...