Barbie සහ Oppenheimer මත ඇති වූ රෝස-කළු සංග්‍රාමය!

Date:

Christopher Nolan ගේ Oppenheimer සහ Greta Gerwig ගේ Barbie එකිනෙක්ට වෙනස් ප්‍රතිවිරුද්ධ තේමාවන් යටතේ නිර්මාණය වුණු චිත්‍රපටයන් ය. හැබැයි මේ දෙකම එකම (ජූලි 21) දින ජනතාවට නැරඹීමට මුදාහල අතර ඉන් රෝස කළු සංග්‍රාමය උදා විය.

The daily blog

Oppenheimer ‘පරමාණු බෝම්බයේ පියා’ පිළිබඳ සැබෑ ජීවිත සිදුවීම් මත පදනම් වූ චරිතාපදාන නාට්‍ය චිත්‍රපටයක් වන අතර, අනෙක මැටෙල් විසින් රචිත ජනප්‍රිය බාර්බි බෝනික්කන් මත පදනම් වූ Margot Robbie සහ Ryan Gosling රංඟනයෙන් දායකත්වය ලබා දෙන ඇමරිකානු ෆැන්ටසි චිත්‍රපටයකි.

Barbie, Oppenheimer ට වඩා මේ වනවිට වැඩි මුදලක් උපයා ඇති බව නවතම වාර්තාවලින් හෙළි වී ඇත. ඩෙඩ්ලයින් වාර්තාවට අනුව, Barbie සිය තුන්වන සතිය අවසන් කර ලොව පුරා බොක්ස් ඔෆිස් හි වාර්තා වලට අභියෝග කරමින් ඩොලර් මිලියන 951 දක්වා ගෙන යමිනි. මෙම චිත්‍රපටය දැනටමත් Guardians Of The Galaxy Vol 3 අභිබවමින් 2023 වසරේ වැඩිම ආදායමක් උපයාගත් දෙවන චිත්‍රපටය ද වී ඇත.

Oppenheimer ගැන කතා කරන විට, මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 500 ක සන්ධිස්ථානය පසු කර ඇති අතර මේ සතිය අගවන විට ඊට වඩා ඉපයීමක් අපේක්ෂා කරයි.


Barbie හට වැඩි ආකර්ෂණයක් සහ වඩාත් ප්‍රවේශ විය හැකි විවිධ මාවත් මෙන්ම පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක් මෙන්ම, Oppenheimer යනු වඩාත් සීමාකාරී අංශයක් ආවරණය කරන පැය තුනක චරිතාපදානයකි. මේ නිසා Barbie Fans ලා වැඩියෙන් දකින්නට ලැබෙන්න හේතුවක් වී ඇති බව නිගමනය කළ හැක.

කාන්තාවන් රැසකගේ ආකර්ෂණය Barbie සඳහා ලැබුණ ද sigma male වගේ පිරිමි සමූහයා සහ පරමාණුකවාදයන් සහ ඒ පිළිබඳ යම් බුද්ධි මට්ටමක්ඇති අයවලුන් Oppenheimer බලන්න යන බව ඕනෑම සිනමාහල් පරිශ්‍රයක දී දැකගත හැක.

Barbie වල අලුත්ම ට්‍රෙන්ඩ් එකට අනුව ගැහැණු ළමයි රෝස පැහැ ඇඳුම් ඇඳගෙන සිනමාහල් වලට යන අතර එහි දී ඔවුන් Instragram, Facebook, Twitter, Tiktok යන සමාජ මාධ්‍ය කලඹවන්නට ද අමතක නොකරයි. මෙහිදී ඇතිවන උද්‍යෝගය මත තවත් ගැහැණු ළමුන්ගේ ආකර්ෂණය Barbie වෙතඒම නොවැලැක්විය හැකි හේතුවකි.



දෙකම හොඳ චිත්‍රපටයන් දෙකක් වන අතර නරඹන්නන්ගේ කෝණය අනුව එහි රසවින්දනය තීරණය වනවා ඇත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...