*
Monday, September 30, 2024
spot_img

Latest Posts

“සරු හෙටක් දැක්කම මරු”

මෙවර පාසල් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ පාසල් බොක්සිං තරගාවලිය වෙනස් මුහුනුවරක් ගත්තා.තරගාවලියේ ජයග්‍රාහකයන් ගැන කතා කරනවට වඩා ක්‍රීඩාවේ අනාගතයට යම් බලාපොරොත්තුවක් ඇති මාවතක් තිබෙන බව,ලංකාවේ බොක්සිංවල අනාගතය යම් ඉව වැටීමක සිටින බව මේ තරගාවලියේදි පැහැදිළි වුණා.
අලුත් පාසල්වල ප්‍රවේශය මෙහිදී දකින්නට ලැබුණා.බොහෝ විට මේ නව එකතුවීමට ප්‍රධාන වශයෙන් බල පෑ හැකි කාරණයක් ලෙස ගත හැක්කේ පාසල් බොක්සිං ක්‍රීඩකයින්ව සංචිත ගත කර නඩත්තු කිරීම විය හැකියි.එම සංචිතය පසුගිය දිනක ඉන්දීය පුහුණුවක් පවා ලබා ගත් අතර මේ තත්ත්වය හේතු කරගෙන පාසල් බොක්සිං ක්‍රීඩකයින්ගේ මට්ටමෙන් යම් බලාපොරොත්තුවක් ඇති වි තිබෙනවා.මේ පසුබිම මත අලුත් ක්‍රීඩකයින් කැපවීමෙන් කි1ීඩා කරමින් ජාතික තලයට පිවිසෙමින් සිටින අතර ඒ උනන්දුව සහ කැපවීම මත මෙවර තරගාවලියේදී මේ වන විට සංචිතයේ සිටින ක්‍රීඩකයින් පරාජයට පත් කරමින් නව දක්ෂයන්ගේ ඉස්මතු වීම කැපී පෙණුනා.
ජාතික බොක්සිං සම්මේලනය වෙනුවෙන් මේ කාර්යය පාසල් බොක්සිං සංගමය සමඟ සංවිධානය කරමින් මෙහෙයවමින් සිටින්නේ උප සභාපතිවරයෙකු වන වසන්ත කුමාරයි.ඔහු ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ තරගාවලිය රත්නපුර සීවලි විද්‍යාලයේ පවත්වද්දීත් දිවයිනේ හැම පළාතක්ම ගමන් දුෂ්කරතා හෝ නොසළකා මේ තරගාවලියට පැමිණීමෙන් පැහැදිළි වන්නේ බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන උනන්දුව බවයි.

ඕනිකම වගේම ඒ ඕනිකම වෙනුවෙන් පැහැදිළි මාර්ගයක් තියෙන්නත් ඕනි.අද බොක්සිං ක්‍රීඩාවේ අනාගතය භාරගන්න ඉන්න පිරිසට කණිෂ්ඨ සංචිත හරහා එවැනි හැඟීමක් ඇවිත් තියෙනවා.ඒ වගේම ලෝක බොක්සිං සම්මේලනයේ අධ්‍යක්ෂ වරයෙක් වශයෙන් අපේ සභාපති ඩයන් ගෝමස් මහත්මාට පාසල්වල බොක්සිං ක්‍රීඩාව පවත්වාගෙන යන්න අත් ආවරණ වගේ දේවල් දෙන්න පුළුවන්කම ලැබුණා.මේ මෑතකදි ලෝක සම්මේලනයේ සභාපතිවරයා ඇවිත් ශ්‍රී ලංකාවට ලෝකයේ සුහදත්වය තහවුරු කරලා උපකාර කරලා තවත් උපකාර කරන්න පුරුදු වෙලා ගියා.මේවත් ළමයින්ට තමන්ගේ බොක්සිං හොඳට කළොත් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියන හැඟීම ඇති කරන්න හේතුවක් වුණා.

වසන්ත කුමාර තව දුරටත් තරගාවලියේ වැඩි සහභාගීත්වය.අලුත් පැතිවලින් සිඳු වූ සම්ප්‍රාප්තීන් සහ එම දක්ෂතා ඉතා ඉහළින් කැපී පෙනීම ගැන අප විසින් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවා.විශේෂයෙන් ජාතික කණ්ඩායමට පුහුණුකුරුවෙක් සේ අවස්ථා ගණනකදීම එක් වී ඇති වසන්ත කුමාර රත්නපුර සීවලියම පදනම් කර ගනිමින් පාසල් වියේදීම පුහුණුකරුවෙක් සේ කේෂ්ත්‍රයට පැමිණ අද පියවරෙන් පියවර බොක්සිං සම්මේලනයේ ඉහළ පුටුවකට පැමිණ පරිපාලනයට සම්බන්ධ වී සිටින කෙනෙක්.
එහෙත් කාලයක් සූරයන් ලෙස වැජඹි සීවලියේ නම යම් ආකාරයකින් හැකිලී තිබුණ ද,මේ වසරේ නැවත මෙම තරගාවලිය තුළ කැපී පෙනෙන දස්කම් දක්වමින් කණීෂ්ඨ පිරිමි අනු සූරතාවයට පේරාදෙණිය මධය මහා විද්‍යාලය සමඟ හිමිකම් කිවා.එසේම දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස සිවලියේ එම්.එස් පාදෙණිය තේරී පත් වුණා.වඩාත් වැදගත්ම සිදුවිම කණ්ෂ්ඨ අංශයේ සූරතාවය කටුගස්තොට සහිරා විද්‍යාලය රැඟෙන යාමයි.මෙම සටහන මුලදී පැවසූ ආකාරයටම එය නව ප්‍රවේශයක් සටහන් කිරීමක් ද වෙනවා.
කණ්ෂ්ඨ බාලිකා අංශයේ සූරතාවය දිනා ගත්තේ ද කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකා විද්‍යලයයි.අනු සූරතාවය මහනුවර හේමමාලි විද්‍යාලය දිනා ගත්තා.තෙවන ස්ථානය රට පුරා බෙදී ගිය දක්ෂතාවයක් වූවේ ඒ සඳහා සරසවි උයන මා විද්‍යාලය,ඉකිරිය මහා විද්‍යාලය,උසස් බාල්කාව නුවරඑළිය සහ ජනරාජ මහා විද්‍යාලය ලෙස නම් හතරක් ඊට එකතු වී තිබීම නිසයි.

එච්එම්එන්ඒ හේරත් මෙම තරග අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණා.
බාලක අංශයේ සූරතාවය දිනා ගන්නට හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨය සමත් වුණා.එම අංශයේ දෙවන ස්ථානය හිමි කර ගත්තේ නාරන්දෙනිය බොක්සිං ක්‍රිඩා සමාජ කණ්ඩායමයි.එහි දී ද තෙවන තැන කණ්ඩායම් පහක් අතර බෙදී ගියා.ඒ මහනුවර සුමංගල විද්‍යාලය,සුනන්දෝපනන්ද විද්‍යාලය මොරටුව,සහීරා විද්‍යාලය කටුගස්තොට සහ පඥ්ඥාරත්න බොක්සිං ක්‍රීඩා සමාජය සහ ඇනන් විද්‍යාලය එම කණ්ඩායම් පහයි. දක්ෂතම ක්‍රිඩකයා බවට පත් වුණේ කටුගස්තොට සහිරා විද්‍යාලයේ එම්.එම්.එම් මුහාජිත් ක්‍රීඩකයා යි.

කාන්තා තරගය ඉතිම තියුණු මුහුණුවක් ගත්තා.සිය පාසල බාලිකා අංශයේදී කණ්ඩායම් තුනක් අතරේ සම සූරියන් ලෙස තබන්නට පෙරමුණ ගත් කොටගල සිරි පැරකුම් විද්‍යාලයේ යූ බී සොනාලි ගේ දක්ෂතා කැපී පෙණුනා.ඇය සිරි පැරකුම් විද්‍යාලය සූරතාවය සඳහා රැඟෙන යද්දී එම විද්‍යාලයට සූරතාවයේ ගෞරවය තනිව භුක්කි වි දින්නට නොදුන් මහනුවර සීතදේවි බාලිකාව මෙන්ම ඉහළමුල්ල ීහ්‍රී වේළුවන විද්‍යාලය ද සූරතාවයේ සම හිමිකාරියන් බවට පත් වුණා.
තරගාවලියේ වැදගත්කම් අංකුර ක්‍රීඩකයන්ගේ මතුවීම සහ ඔවුන් ඉති උනන්දුවෙන් සහ කැපවීමෙන් දැනට ඇති වැඩ පිළිවෙල ඔස්සේ සිය බොක්සිං අනාගතය ගැන සිහින දකිමින් තරග පිටියට පිවිසීමයි.ඒ නිසා වැදගත්ම දේ වන්නේ හෙට දවස වෙනුවෙන් අද දවස සූදානම් බව පෙන්වන තැනකදී ක්‍රීඩාවේ නව මානයන් පළල් කරන්නට ඉදිරිපත් වෙන්නට මිනිසුන් ඇති බවයි.ඒ ගමන ඒ ආකාරයෙන්ම පාසල් බොක්සිං සංගමය සහ වසන්ත කුමාර පමණක් නොව අඛණ්ඩව සේ සංගම් දෙක ඉදිරියට යන වැඩ පිළිවෙලක් බවට පත්වන්නේ නම් හෙට මුෂ්ඨි ප්‍රහාරයේ ස්වරණමය මතක සටහන් තබන අලුත් පාරකට පාර කැපෙනු ඇති බව සහතික කළ හැකියි.

මෙම සටහනට බාලිකා සූරතාවය කණ්ඩායම් තුනක් අතරේ බෙදී ගිය ද අපි කොටගල සිරි පැරකුම් විද්‍යාලීය ජයග්‍රාහී කණ්ඩායමේ ඡායාරූපය තේරා ගැනීමට තීරණය කළෙමු.ඒ එම කණ්ඩායම් තුන අතර එය අපූරු පාසලක් වන බැවිනි.මිශ්‍ර ජාතික සංයුතියක් එම සිසු සිසුවියන් නියෝජනය කරයිතඑසේම එම සංයුතිය විශාල නැත.දූ දරුවන් 138 ක් සහිත පාසලකි.සමහර විට මේ ජාතික සූරතා කුසලාන පදක්කම් බලධාරීන්ට සිසු සංඛ්‍යාව සළකද්දී අදාළ වන්නේ නැත.එහි සිසු ප්‍රමාණය වැඩි කරන්නට මහන්සියෙන් උනන්දු වන්නේ ද නැත.වසමු යන්න හරි පහසු පිළිතුරකි.ඒ තත්ත්වය වළක්වා ගැනීම අතිශයින් වැදගත්ය.මෙය අපූරු ලංකාවේ ජාතියක් නොසළකන ශක්තිවන්තයට මඟ හදන තැනකි.කොටගල සිරි පැරකුම් හී උඝත් පිරිස් එන වසරේ සිට මේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නට යමක් කළ යුතුය ඇත.පාසල රැකුණොත් බොක්සිං ද රැකේ.සිරි පැරකුම් නම මහා පැරකුම් නාමයක් තරමටම පැතිරෙනු ද ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan