ඇමති කංචනගේ නිවසට විශේෂ ආරක්ෂාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පෙරේදා (05) උදෑසන සිට විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකරගේ මාතර පිහිටි නිවසට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.

වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් අරගලයක නිතරව සිටින ගොවීන් එම නිවස වැටලීමට ඒමට ඉඩ ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත එලෙස ආරක්ෂාව යොදවා ඇත්තේ .

ඇමති කංචන විජේසේකරගේ නිවසට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්‍ෂාව තර කර ඇති බවත් ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයන් හා කණ්ඩායම්ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති බවද තොරතුරු වාර්තා වේ.

අත්‍යවශ්‍ය මොහොතක කැඳවීම සඳහා යුධ හමුදාවද සීරුවෙන් තබා ඇති බවත් , ඇමති කංචනගේ නිවස අසල යොදවා ඇති මෙම විශේෂ පොලිස් මාර්ග බාධක හේතුවෙන් ඒ අවට වෙසෙන ප්‍රදේශවාසී ජනතාවද අපහසුතාවයට පත්ව ඇති අතර , නියඟය හේතුවෙන් පිඩාවට පත්ව සිටින ගොවි ජනතාවට සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත්කල අවස්ථාවේදී විදුලිබල බල බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊට විරෝධය පළකර තිබීම ගොවි සංවිධානව වල දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

මෙම නියඟ තත්ත්වය තුළ එසේ ජලාශවලින් ජලය මුදා හැරියහොත් රටපුරා දිනකට පැය කිහිපයක් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවට කාංචන ඇමතිවරයා කැබිනට් රැස්වීමේදී කරුණු දක්වා තිබු අතර අමාත්‍ය රොෂාන් රණසිංහ එබව මාධ්‍ය හමුවේ කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...