කාන්තාවක්ට එල්ල වූ මෝරෙකුගේ ප්‍රහාරයක් නිසා නිව්යෝර්ක් නගරයේ වෙරළ තීරය වසා දැමේ!

Date:

ඉකුත් සඳුදා සවස 50 හැවිරිදි කාන්තාවක් මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව නිව් යෝර්ක් නගරයේ ජනප්‍රිය රොක්වේ වෙරළ තීරය අඟහරුවාදා දිනයේ දී වසා දැමූ බව බලධාරීහු පවසති.

මෙම කාන්තාව පිහිනමින් සිටියදී මෝරෙකු ඇගේ කකුල සපා කෑ බව නිව් යෝර්ක් නගරයේ උද්‍යාන නිලධාරීන් පවසයි.

ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් කාන්තාව ජලයෙන් පිටතට ගෙන රෝහලට ගෙන යාමට පෙර ඇයට ප්‍රථමාධාර ලබා දී ඇත.

ඇයගේ කලවා ප්‍රදේශයේ ගැඹුරු කැපුමක් සමඟින් ඇය අසාධ්‍යව සිටි නමුත් ස්ථාවර තත්ත්වයක පසුවන බව නිලධාරීහු පවසති.

මෙම සිදුවීම මෑත කාලීනව රොක්වේ වෙරළ තීරයෙහි සිදු වූ පළමු මෝර ප්‍රහාරය බව වනෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කරට කර සටන් කිරීමේ හැකියාව තබා ගෙන අන්ත විදිහට පැරදීම

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: අවුරුදු 24 න් පහළ...

ඉන්දියාව තම ඩයස්පෝරාව නිහඬ කිරීම සඳහා ආගමන පාලනය ආයුධයක් ලෙස භාවිතා කරන බවට චෝදනා

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව තම...

ගෝර්යෝ අධිරාජ්‍යයට පාර කියන “Blood Moon” ඊයේ දිනයේදී දිස් වූ අයුරු LNW ඇසින්!

සටහන - පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): ලොව පුරා සිටින...