ඇමති බන්දුලගෙන් ඉන්දීය ආයෝජක කණ්ඩායමකට ඇරයුමක්!

කොළඹ LNW:විශේෂයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ආයෝජනයට එක්වන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය ආයෝජකයින් පිරිසකට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සංචාරයක නිරත ඉන්දියාවේ ජාර්කන්ද් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (FJCCI) නියෝජිත පිරිසක් සමඟ සිදුකළ සාකච්ජාවේදී යි මාත්‍යවරයා මේ බව දැන්වා ඇත්තේ.

එම සාකච්ජාවේදී ශ්‍රී ලංකාව සහ ජාර්කන්ද් අතර පවතින වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නව ආයෝජන සංකල්පයන් පිළබඳව ඉන්දීය නියෝජිතයින් දැනුවත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර තිබෙන අතර විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ආයෝජන අවස්ථාවන් සඳහා මේ වන විට අවස්ථාව උදා කර දී තිබෙන බවයි දන්වා ඇත්තේ.

එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය සහ අනෙකුත් ආයතන ඩිජිටල්කරණය සහ විද්‍යුත්කරණය සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිලිවෙල සඳහා ද ඉන්දීයාව තුළ ක්‍රියාත්මක කෙරෙන පරිසර හිතකාමී ආයෝජන සංකල්පයන්හි අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳ දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගෙන ඇත.

ජාර්කන්ද් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති කිෂොර් මන්ත්‍රී මහතා ඇතුලු එහි ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන ව්‍යවසායකයින් ඇතුලු නියෝජිතයින් 25ක පමණ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...