ELTA-ELSE උසස් අධ්‍යාපන ව්‍යාපෘතියේ සමාප්ති උළෙල 

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  BMICH හි ලෝටස් ශාලාවේදී 2023 අගෝස්තු 9 වන දින AHEAD ව්‍යාපෘතියේ ELTA-ELSE ප්‍රතිඵල කලාප කාණ්ඩය විසින් තම ව්‍යාපෘති සමුළුවේ සමාප්ති උත්සවය පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාය. 

විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඔප්නංවා ගැනීම වෙනුවෙන් ආධාර ලබා දෙන AHEAD (Accelerating Higher Education Expansion and Development Project) ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ, උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සහ සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීමයි.

මෙම සමුළුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගැන්වීම්, ඉගෙනුම් සහ ඇගයීම් ක්‍රියාවලිය පරිවර්තනය කිරීම සඳහා එහි සාර්ථකත්වය මේ ලැබූ ප්‍රතිඵල ඉතා හොඳින් ප්‍රදර්ශනය කළේය.

 AHEAD ව්‍යාපෘතියේ මෙම ප්‍රතිඵල අනුව එහි මුලින් සැලසුම් කරන ලද සියලුම ඉලක්ක වෙත ළඟා විය හැකි බව අවධාරණය කරන ලද අතර එනම්, පසුගිය අභියෝගාත්මක වසර හතර තුළ උපාධි අපේක්ෂකයින්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය සහ සමාජ-චිත්තවේගීය කුසලතා වර්ධනය කිරීම සහ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීමෙන් උපාධිධාරීන්ට ඵලදායී රැකියාවක් ලැබෙනු ඇති බව සපත කර ඇත.

සමාප්ති උත්සවය අමතමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය තුළින් අපගේ උපාධි අපේක්ෂකයින්ගේ මානසිකත්වය වෙනස් කිරීමට පියවරක් තැබූ බවත්, එය දිගුකාලීන බලපෑමක් ඇති කරන බවත්ය. 

” ඉතාම සොච්චම් පොළියක් යටතේ ලබා ගත් ලෝක බැංකු ණය අපි අපේ උසස් අධ්‍යාපනයෙන් එළියට යන උපාධිධාරීන්ගේ මනස වෙනස් කිරීම සඳහ යොදාගත්තා,ඒ නිසා ඒ ණය අපි අපේ රටේ වැදගත්ම ක්ෂේත්‍රයක අභිවෘධිය සඳහා කරපු ආයෝජනයක් හැටියට සළකන්න ගන්න පුළුවන්” 

 යනුවෙනුත් ඒ මහතා වැඩිදුර පැවසුවා.

ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ආචාර්ය හර්ෂ අතුරුපාන මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ උසස් අධ්‍යාපනයේ අනාගතයට AI (කෘතිම බුද්ධිය) සහ ඒ ආශ්‍රිත තාක්‍ෂණයේ නැගීම වැනි වර්ධනයන් ප්‍රබල ලෙස බලපානු ඇති බවයි. 

කෘතිම බුද්ධිය සමඟ දැනට පවතින රැකියා අහෝසි වී යා හැකි පසුබිමක් පවතින ලෙසම ඒ සමඟ නව රැකියා ඉස්මතුවීමේ වාසිදායක හැකියාවක් පවතින බව ද අවධාරණය කළ ඒ මහතා මෙම ව්‍යාපෘතිය විසින් නව රැකියා වෙළඳපළ සඳහා අවශ්‍ය ආකල්ප, නිපුණතා සහ හැකියාවන් උපාධිධාරීන් තුළ ඇතිකර ඇති බව පැවසීය. සිව්වන කාර්මික විප්ලවය විසින් ඇතිකරන නව ලෝකය වැළඳ ගැනීමට උපාධිධාරීන් සූදානම් කිරීම අවශ්‍ය බවත්, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය අනාගත අභියෝගවලට මුහුණදීමේ අරමුණින් ලෝක බැංකුව සහාය දීමට සූදානම් බවද ආචාර්ය හර්ෂ අතුරුපාන මහතා වැඩිදුරටත් පැවසීය.

ව්‍යාපෘති අධ්‍යක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන පී උඩවත්ත යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොමිෂන් සභා සාමාජිකයින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සියලුම ව්‍යාපෘති ජයග්‍රාහකයින් මෙම අවස්ථාවට එක්වූහ. 

AHEAD කණ්ඩායමේ නිරතුරු සහය මත මෙම සමුළුවේ සමස්ත කර්තව්‍යය සාර්ථකව නිම කර ගැනීමට හැකිවිය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...