රියාද් හරහා පැරිස් යන පාර සැප්තැම්බර් 4 දා සිට 17 දක්වා

ප්‍රංශයේ පැරිස් නුවර පැවත්වෙන් ඔලිම්පික් තරගය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයක් සේ සළකන 2023 ජාත්‍යන්තර බර ඉසිලීමේ සූරතාවලිය සැප්තැම්බර් 4 දා සිට 17 වන දා දක්වා සවුදි අරාබියේ රියාද් නුවර දී පැවත්වීමට කටයුතු සූදානම් වෙමින් ඇත.
පිරිමි සහ කාන්තා යන දෙපාර්ශවයෙන්ම පැවත්වෙන මෙම තරගාවලිය නියෝජනය කරන්නට ශ්‍රී ලංකාවෙන් ක්‍රිඩකයෙක් සහ ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා ගෙන ඇත.ඒ අනුව ඉන්දික දිසානායක කිලෝ ග්‍රෑම් 73 බර පංතිය යටතේ තරගයට ඉදිරිපත් වන අතර ශ්‍රී මාලි සමරකෝන් තරග වදින්නේ කිලෝ ග්‍රෑම් 45 බර පංතිය යටතේය.කිලෝ ග්‍රෑම් 49 බර පංතිය යටතේ තරග බිමට පිවිසෙන්නී හංසනී ගෝමස් ය.
මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ආර්.බී.වික්‍රමසිංහ ය.සහය පුහුණුකරු ලෙස නදීක බණ්ඩාර කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...