ගම්පහ මන්ත්‍රීවරුන්ට ප්‍රබල අමාත්‍යවරයෙකුගෙන් තහංචියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දින නුවරඑලිය මහනගර සභා ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟයට සහභාගී නොවන ලෙසට ගම්පහ මන්ත්‍රීවරුන්ට ගම්පහ ප්‍රබල අමාත්‍යවරයකුගෙන් තහංචියක් වැටී ඇතැයි වාර්තා වේ.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවත්වෙන මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගයට සහභාගී නොවන ලෙසට කැබිනට් අමාත්‍යවරයකු සහ ඔහුගේ සමීප මන්ත්‍රී වරුන් දෙදෙනකු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවසා ඇති බවයි පැවසෙන්නේ.

විශේෂයෙන්ම පොහොට්ටුවේ කටයුතුවලට සම්බන්ධ වුවහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලකුණු කැපෙන බවත් එම නිසා මෙම ක්‍රිකට් තරගයට නොයන ලෙසත් දන්වා ඇත.නමුත් ප්‍රසන්න රණවීර ඇතුළු තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු   මෙම තරගයට සහභාගීවී ඇති අතර තවත් තිදෙනෙකු කලින් යොදාගත් රාජකාරී නිසා පැමිණීමට නොහැකි බව කලින් දන්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරඟාවලිය’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද (12)  නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා නාමල් රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ, සී.බී.රත්නායක,සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර, එස්.එම්.චන්ද්‍රසේන, ඩබ්ලිව්.ඩී. වීරසිංහ, රෝහණ දිසානායක, ජනක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, ගයාශාන් නවනන්දන යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 60කට අධික පිරිසක් සහභාගී වූ බව තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වහාම ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : වහාම ක්‍රියාත්මක වන...

මාස පහයි පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:වසරේ ගෙවුණු මාස 05ක කාලය තුළ අල්ලස් හෝ...

ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු සිදු කරන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේදී චීනයේ...

අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන...