ආනයනික තිරිඟු පිටි හිඟයක්?

Date:

කොළඹ LNW: ආනයනික තිරිඟු පිටි තිබෙන්නේ තවත් දින කීපයකට පමණක් බව පිටකොටුව පිටි ආනයනයකරුවන් සඳහන් කරයි.

තිරිඟු පිටි ආනයනය පසුගිය 16 වැනිදා සිට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් සම්පුර්ණයෙන්ම තහනම් කළ බැවින් ඒ වන විට ආනයන කළ තිරිඟු පිටි තොග අවසන් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එම නිසා පිටි ආනයනය කිරීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව‍ සඳහන්.

තිරිඟු පිටි ආනයනය නතර කිරීම තුළ මෙරට තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක මගින් රටතුළ පිටි ඒකාධිකාරයක් ඇති කිරීමට උත්සහ කිරීමක් බවත් එම නිසා ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි විය හැකි බවද ආනයනකරුවන් පෙන්වා දී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...