මනුෂ්‍ය ඝාතන දෙකක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (12)  දින මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති අතර කෝපායි සහ ඇත්ගාල පොලිස් වසමවලින් ඒවා වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

කෝපායි පොලීසියට තොරුතුරක් ලැබී ඇත්තේ, කෝපායි ජී.පී.එස් ක්‍රීඩා පිටිය අසල කාලි කෝවිල පිටුපස පිහිටි නිවසක ලේ ගලන තුවාල සහිතව පුද්ගලයකු මියගොස් ඇති බවටයි.

11 වනදා සවස 06.00ත් 12 වනදා උදෑසන 10.30ත් අතර කාලයේදී පොලීසියට එම තොරුතුරු ලැබී ඇති අතර ,මියගොස් ඇත්තේ, 52 හැවිරිදි කෝපායි දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොළීසිය පවසයි. මොට ආයුධයක් වැනි දෙයකින් පහරදීමෙන් ඝාතනය සිදුකර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත.

තවද, ඇත්ගාල පොලිස් වසමේ කොස්ගොල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ, 71 හැවිරිදි කොස්ගොල්ල ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

එම ඝාතනය සිදුකළ 69 හැවිරිදි සැකකරු, ඝාතනය සඳහා යොදාගත් බවට සැකකරන පිහියක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ ඇත්ගාල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හර්ෂිතා පළමු පෙළ එක්දින තරගාවලියට දැවන්ත ඉණිමකින් වැඩ අල්ලයි

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 01, කොළඹ LNW: ශ්‍රී ලංකා...

BREAKING NEWS : ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ බද්ද 20% දක්වා අඩුකරයි !!

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින්...

ජූලියේදී කොළඹ උද්ධමනය ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය...