*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

චීනයට විවෘත වුණු ශ්‍රී ලංකාවේ ගේට්ටු! ඉන්දියාව අවධානයෙන්!!

කොළඹ (LNW): ඉන්දියාවේ කනස්සල්ලට පත් ව තිබූ චීන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වසරකට ආසන්න කාලයකට පසුව කොළඹ වරායට ගොඩවී ඇති බව වාර්තා වෙයි.

චීන මහජන විමුක්ති නාවික හමුදාවට අයත් HAI YANG 24 HAO යුද නෞකාව ඉකුත් බ්‍රහස්පතින්දා දින කොළඹ වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසූ අතර යාත්‍රාව සෙනසුරාදා පිටත් වීමට නියමිතව තිබිණි.

කොළඹට පැමිණි මීටර් 129 ක් දිග මෙම නෞකාව 138 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන අතර එහි අණදෙන නිලධාරියා ලෙස ජින් ෂින් නමැත්තා කටයුතු කරයි.

ඉන්දියාව විසින් මතු කරන ලද කනස්සල්ල මත ශ්‍රී ලංකාව එම නෞකාවෙහි පැමිණීම ප්‍රමාද කළ අතර චීන බලධාරීන් මීට පෙර අවසර ඉල්ලා සිටියද ශ්‍රී ලංකාව අවසර ලබා දීමද ප්‍රමාද කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රතිවිරෝධය නිසා බව සිකුරාදා පැවති මාධ්‍ය වාර්තා වලට අනුව පෙන්වා දිය හැක. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණි චීන බැලස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ ට ද ඉන්දියාවෙන් එවැනිම ප්‍රබල ප්‍රතිචාරයක් ලබා දුනි.

මේ සතියේ කොළඹ වරායේ නැංගුරම් ලා ඇති චීන යුද නෞකාව ගැන ඉන්දියාව මනා අවධානයකින් පසුවන බව පවසමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi ප්‍රකාශ කළේ; රටේ ආරක්‍ෂක අවශ්‍යතා කෙරෙහි බලපාන ඕනෑම ක්‍රියාවක් ඉන්දියාව සියුම්ව නිරීක්ෂණය කරන බවත්, ඊට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

“එය යුධ නැවක්ද නැද්ද යන්න මට විශ්වාස නැත. මෙම වාර්තා දැකීමෙන් පසු, රටේ ආරක්ෂක අවශ්‍යතා කෙරෙහි බලපාන ඕනෑම සංවර්ධනයක් රජය හොඳින් නිරීක්ෂණය කරන බවත් ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් මම අවධාරණය කරමි, ” Bagchi සිය සතිපතා මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ වැඩිදුරටත් අවධාරණය කළේය.

චීනයේ හමුදා යාත්‍රා තම වරාය තුළ නැව්ගත කිරීමට ඉඩ නොදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජනපදය හා ඉන්දියාව වැනි ලෝක බලවතුන්ගෙන් වැඩි වැඩියෙන් පීඩනයට ලක්ව ඇති සමයක ශ්‍රී ලංකාව සුපිරි බලවතුන්ගේ එදිරිවාදිකම්වලට හසු නොවී මධ්‍යස්ථ ආසියාව කේන්ද්‍ර කරගත් විදේශ ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව නව දිල්ලිය සහ බීජිං සමඟ සමානව යහපත් සබඳතා කළමනාකරණය කිරීමේ ව්‍යායාමයක යෙදී සිටින්නේ රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බලවතුන් දෙදෙනාම තීරණාත්මක වන බැවිනි.

ජනාධිපතිවරයා පසුගියදා නවදිල්ලි නුවරට ගොස් දෙරට අතර ගොඩබිම් සම්බන්ධතාව ඇතුළු සම්බන්ධතා ව්‍යාපෘති රැසක් පිළිබඳව සාකච්ඡා කළ අතර ම මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ශ්‍රී ලංකාවට තිබේදැයි ඉන්දියාව සැක පළ කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan