භාණ්ඩාගාරයේ පිච්චිය නෑ.ගෙවාගන්න බැරි ණය තියෙන්නේ!

කොළඹ LNW:මේ වන විට භාණ්ඩාගාරයේ මුදල් නොමැති තත්ත්වයක් පවතින අතර සෑම මාසයකම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප්,සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවූ පසු ඉතිරියෙන් ණය සඳහා පොළිය ගෙවීමෙන් අනතුරුව කිසිදු ඉතුරුවක් නොමැති බව ප්‍රවාහන,මහාමාර්ග සහ ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 36ක ගෙවා ගත නොහැකි ණය කල් පිරී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

“අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ හම්බුවෙන මුදල් ටිකෙන් හැම මාසයේම රාජ්‍යය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවලා, සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවලා. ගත්ත ණය සඳහා පොලී ගෙව්වට පස්සේ මොකුත් ඉතුරු වෙන්නේ නෑ. දැන් ගෙවන්න බැරි ණය තියෙනවා කල් පිරිලා ඇමරිකානු ඩොලර් බිලියන 36 ක්. ඒක මේ තියෙන ඒවා විකුණලා ගෙවන්න බෑ. හම්බන්තොට වරාය විකුණුවාම ලැබුනේ 1.4 යි. ලංකාවට හම්බුණ ලොකුම ව්‍යාපෘතිය අර මුහුද ගොඩ කරපු පෝට් සිටි එක, ඇමරිකාණු ඩොලර් බිලියන 1.4 යි. මේ දෙකම 2.8 යි, අනෙක් මොනවද විකුණන්නේ 36 ක් ගෙවන්න .ඒකට ක්‍රමවේදයක් කථා කරගන්න ඕන.මුදල් අමාත්‍යංශය, මහ බැංකු ලෝකය පුරාම ගිහින් මේ ණයකාරයෝ එක්ක කථා කරනවා මේක ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. ඒ කළාමත් මේ බිලියන 36 ඉතිරි අවුරුදු 5-6 තුළ ගෙවන්න තියෙන්නේ 37% යි. අවුරුදු 6-20 ත් අතරදී ගෙවන්න ඕන තව 51% ක් ණය වලින්, 20 නුත් පස්සේ ගෙවන්න ඉතුරු වෙනවා 12% ක්, දැන් අපි ඉන්නේ 2023 දී, 2048 වන තුරුත්, මේ හිර වෙලා තියෙන ණය තොගය ගෙවන්න තියෙනවා. අලුතින් ගත්ත ඒවා නෙමෙයි හිර‌ වෙලා තියෙන තොගය. ”

එම නිසා කිසිවෙක් හෝ රටේ ආණ්ඩු කිරීමට හිතන්නේ නම් 2048 වෙනතෙක් මෙම ණය ගෙවන ආකාරය ගැන පැහැදිලි කළ යුතුව ඇති බව අමාත්‍යවරයා කියාසිටියි.

”එහෙම කියන්නේ නැත්නම්, එක්කෝ මෝඩකමට, එක්කෝ නොදැනුවත්කමට,ඒක්කෝ කුහකකමට, එහෙම නැත්නම් ඒක තමන්ගේ මහ පොළවේ යතාර්ථය පිළිබඳ තියෙන අවම අවබෝධය නිසා තමයි එසේ නොකියා ඉන්නේ. මේ ඇත්ත රටේ ජනතාවට කියන්නේ නැතිව ආණ්ඩු ඉල්ලනවා නම්, දේශපාලනය කරනවා නම් ඒක නොකළයුතු කාරණයක් ” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ සංවර්ධනය කරන ලද තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...