සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මිනිස් ජාවාරම පිළිබඳව ප්‍රදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (14) කොළඹ පැවති සැසියක දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසූවේ , මිනිස් ජාවාරමේදී අවධානමට ලක්වූවන් ගොදුරු කරගන්නා සහ ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සූරාකන අනුකම්පා විරහිත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවයි .
එහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ , 2021 – 2025 කාලය සඳහා මිනිස් ජාවාරමට එරෙහිව ජාතික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති බවත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන අතර සම්බන්ධීකරණය මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් පූර්ණ ප්‍රතිචාරයක් දැක්වීමට ඉතා වැදගත් බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??