Maui ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදෙස් මාධ්‍ය නිවේදනයට අනුව, Maui ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.

ඉදිරි දිනවලදී ද තවත් සැලකිය යුතු ලෙස මරණ සංඛ්‍යාව වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්
මියගිය අයගේ නම් අද (15) සිට නිකුත් කිරීමට නිලධාරීන් ආරම්භ කරන බව Maui ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ජෝන් පෙලෙටියර් සඳහන් කර ඇත.

ලැව්ගිනි හේතුවෙන් අවතැන් වූ පවුල් සඳහා නිවාස ඒකක 2000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලබා ගත හැකි වනු ඇති අතර තවත් නිවැසියන් 160ක් අවතැන් වූවන්ට තම නිවෙස්වල නවාතැන් ලබා දීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උපකාර වන හදිසි ප්‍රකාශයකට ද අත්සන් කර ඇති බව Maui ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...