ශිෂ්‍යනායක තරඟයක් වල්නාශක වලින් කෙලවර වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වල්නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කලවම් කර බීමට දීමෙන් රෝගාතුර වූ සිසුවියන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති පුවතක්  නාරම්මල ප්‍රදේශයේ පාසලකින් වාර්තා වනවා. මෙම සිදුවීම සිදුවී ඇත්තේ එම පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් අතරයි.

එම විදුහලේ ශිෂ්‍ය නායක පදවිය සඳහා ඇතිවී තිබෙන තරගයක් මෙම සිදුවීමට පාදක හේතු වී ඇති  බව විදුහල් ආරංචි මාර්ග පවසයි.

සැකකාර සිසුවිය පෙරේදා උදෑසන පැවති සඳුදා උදෑසන රැස්වීමට සහභාගි නොවී පන්ති කාමරයේ රැඳීසිට වල් නාශකය කුඩු සිසුවියන් කිහිපදෙනෙකුගේ පානීය ජල බෝතලවලට මිශ්‍ර කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ පාසලේ සවිකර ඇති CCTV කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුවිය හඳුනාගෙන ඇත.

සමීපතම මිතුරියන් පිරිසකගේ පානීය ජල බෝතල්වලට එම වල් නාශක මිශ්‍ර කර ඇති බව ද සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර , වල් නාශක සහිත ජලය පානය කිරීමෙන් පසුව වමනය ඇති වී රෝගාතුරවූ සිසුවියන් පිරිස දැක බියපත්ව වල් නාශක එකතු කළ සිසුවියද එම ජලය පානය කර ඇත. නමුත් පොලීසිය පවසන්නේ සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...