සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (15) පැවැති සාකච්ඡාවකට සහභාගීවෙමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙසයි.
අමාත්‍යවරයා එහිදි සඳහන් කර තිබෙන්නේ, දෙසැම්බර් මස 31 වැනි දිනට පළමුව අදාළ සංවර්ධන සැලසුම් ව්‍යාපෘති වාර්තාව තමන්ට ලැබෙන්නට සළස්වන ලෙසත් , ඒ අනුව ලබන වසර මුලදී පෑලියගොඩ නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කරන බවයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??