*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

වනිදු වනිඳුව හඳුනාගැනීම

ක්‍රිකට් ක්‍රීඩකයෙක් පවතින්නෙ ඉස්සරනම් ටෙස්ට් ක්‍රිකට් හරහායි.නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා.විස්සයි විස්ස ආකෘතිය ටෙස්ට් ක්‍රිකට් සංස්කෘතිය විතරක් නෙමෙයි සංසුන්කමත් බිදලා දාලා පාපන්දු තරගයක උද්යෝගය වගේම ආකර්ශණය ක්‍රිකට්වලට ගෙනැවිත් තිබෙනවා.සමහර විට ජාතික කණ්ඩායමේ එකොළශට ගහන්න බැරි දක්ෂයෝ තමන්ගේ ප්‍රහාරයන්වලින් වෙනත් රටවල විස්සයි විස්ස ලීග හරහා ධනවතුන් වෙනවා. කොහේ හරි අස්සක මුල්ලක ඉන්න එකත් ලෝකයට පේන තරමට ලෝකයම දැන ගන්නවා.ඒකෙන් පේන්නේ ක්‍රිකට් ලෝකය පුංචි වෙලා කියන එකයි.
මෙහෙම අද වන විට ලෝකයම ආදරය කරන ආකර්ශණය කර ගත්ත වනිදු හසරංග හැම වෙලාවෙම වගේ තමන්ගේ රිද්මය නොනසා පවත්වා ගනිමින් ලෝකයේ හොඳම විස්සයි විස්ස පන්දු යවන්නන් අතර මුල් අංක තුනකින් එකක් තියාගෙන ඉන්න සමත්වෙලා තියෙනවා.මේක අපූරු වැඩක්.ඒ වගෙම විස්සයි විස්ස තරග රටාවට පස්සෙ හම්බවෙන එක්දින තරග පිටියෙත් වනිදු හසරංග හොඳ මෙහෙවරක් කරනවා.වඩාත්ම වැදගත් වන්නෙ වනිදු තමන්ගේ අනන්‍යතාවය හැටියට විස්සයි විස්ස තරග ව්‍යහුයට දක්වන උනන්දුවයි.ඒක එක අතකින් වානිජමය වශයෙන් ගත්තත් සාර්ථක සැළසුමක්.
මේ වන විට පැවත්වෙන එල්පීඑල් තරගාවලියේදී වනිදු සිය නායකත්වයේ බලයම යොදා ගෙන කණ්ඩායම නම්මාගෙන තිබෙනවා.ඒ අනුව ඔහු ඉදිරිපෙළ පිතිකරුවෙක් හැටියට ප්‍රහාරයන් දියත් කරමින් තවත් ආකාරයකින් ඔහුට ලෝකයේ තිබෙන විස්සයි විස්ස ඉල්ලුමට ඉහළ යන විදිහට හැඩය හදා ගන්නවා.
මේ අතර වනිදු ටෙස්ට් තරගවලින් විශ්‍රාම ගන්න තීරණය කිරීම අපිට අනුවනම් නුවණැති තේරිමක්.ඔහු ඉකාම හොඳින් තමන්ගේ හැඩය හඳුනාගෙන සිටින බව සහ ඒ වෙනුවෙන් කැපවෙන්නට අවශ්‍යය කෙසේද යන්නත් තේරුම් ගෙන තිබෙන බවයි පැහැදිළි වෙන්නෙ.


විස්සයි විස්ස තරග 55 දි කඩුලු 91 ක් ලබා ගෙන ලොව ප්‍රමුඛත්වය ගන්න තරමට මෝරා වැඩෙන වනිදු,එක්දින තරග 48 දි කඩුලු 67 ක් ලබා ගන්නත් සමත් වෙනවා.නමුත් ඔහුට මේ කාලය තුළ ටෙස්ට් තරග හතරක් පමණක් ලැබී ඇති අතර එහිදී ද ඔහු එතරම් සාර්ථක වී නැහැ.තරග හතරටම කඩුලු හතරක් පමණයි දවා ගැනීමට හැකි වී තිබෙන්නේ.ප්‍රහාරයන්ට යොමුවන පිතිකරුවන්ව වරදට පොළඹවාගෙන ඉලක්කය වරද්දා ගෙන දැවුණු පිතිකරුවන් ගොන්නට එකතු කරන එක තරම් ටෙස්ට් තරගයක පිතිකරුවෙක්ගේ ශික්ෂණ්‍ය බිඳින එක වනිදුට පහසු නැහැ.ඔහු දුර තියාම අමාරුකාරයෙක් බව හඳුනා ගත්තම ඔහුට පහර දෙන හැටි තීරණය කරන්න ටෙස්ට් තරගයකදී පිතිකරුවාට තියෙන වෙලාව ගන්න විස්සයි විස්ස වගේම එක්දින තරග ආකෘතිය ඇතුළෙත් බැහැ.


ඒ නිසා 26 හැවිරිදි වනිදුගේ ටෙස්ට් තරගවලින් ඉවත්ව විශ්‍රාමය ප්‍රකාශ කිරීම මේ දක්වා තිබුණ තත්ත්වයේම දිගුවක්.ඔහුව විශ්වසනීය විදිහට ටෙසට් තත්ත්වය විසින් පිළිගත්තේ නැති අතරම ඔහු විශ්වසනීය ලෙස ටෙස්ට් ජීවිතය ලැබුණු අවස්ථාවන්වලදී තෘප්ත කර නැති බවත් අප පිළිගත යුතු වෙනවා.එසේම තමන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීමෙන් ඉනික්බිති ඒ ඔස්සේ දිගු ගමණක් යන්නට අවශ්‍යය අභ්‍යාසවල නිරත වීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට වගේම වනිදුගේ පසුමිබියටත් ආශිර්වාදයක් වනු ඇති.එසේම වනිදු මේ තීරණයෙන් පසුව බොහෝ විට දේශිය දිගු දින තරගවලින් ද වැඩිපුර ඈත් වී වසර පුරා ලෝකයේ තැන තැන පැවත්වෙන විසිසයි විස්ස ක්‍රිකට් සංදර්ශනවලට මෙන්ම මෑතකදී සිට මතුවන දහයයි දහය ආකෘතිය ඇතුළේ ද සිය දස්කම් පෙන්වන්නට වැඩි කාලයක් වෙන් කරන්නට ඉඩ තිබෙනවා.
වනිදු ටෙස්ට් පිටියෙන් නික්ම ගියත් ඔහු වඩාත් කැපී පෙණෙන විස්සය විස්ස ආකෘතිය තුළ ලංකාවේ කාටත් අඩම්බර විය හැකි ශ්‍රී ලාංකේය දකුෂයෙක් ලෙස පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද විස්කම් පෙන්වනු ඇති බව අපේ විශ්වාසයයි.

සටහන – නිනිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan