පාස්කු ප්‍රහාරය පිළිබඳ Channel 4 හෙළිදරව්ව තාක්ෂණික හේතුවක් මත කල්යන ලකුණු !

ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වාර්තා වැඩසටනක් අද (15) බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 7.00 ට, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30 ට බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතව තිබිණි. මෙම වාර්තා වැඩසටහන විකාශය කිරීමට නියමිතව තිබුණේ ඔවුන්ගේ සවස ප්‍රවෘත්ති විකාශය අතරතුර ය.

කෙසේවෙතත් එම වාර්තා වැඩසටහන තාක්ෂණික ගැටලුවක් මත අද දිනයේදී විකාශය නොවනු ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහනේ ප්‍රධාන කථකයාගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂා කිරීමේදී හෙළිදරව් වී ඇති කරුණු අනුව ඔහුගේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුව ඇති හෙයින් මෙසේ එම වැඩසටහන තාක්ෂණික ගැටලුවක් මත බව පවසමින් විකාශය නොකිරීමට ඉඩ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු කිහිපදෙනෙකුම මෙම වාර්තා වැඩසටහනට අදහස් දක්වා තිබුණු බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...