නීතිවිරෝධීව රැඳී ශ්‍රී ලාංකිකයන් 54 දෙනෙකු දිවයිනට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානය මඟින් ශ්‍රී ලාංකිකයින් 54 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.  ඔවුන් එසේ පැමිණ  ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධීව රැඳී සිටීමෙන් පසුවයි.

එම පිරිසට කාන්තාවන් 53ක් හා පිරිමි පුද්ගලයෙක් අයත් බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, මොවුන් වලංගු වීසා කාලය ඉක්මවා කුවේටයේ රැඳී සිටීම, සේවා ස්ථානයෙන් පැනගොස් වෙනත් ස්ථානවල සේවය කිරීම වැනි හේතු මත දිවයිනට පැමිණීමට නොහැකිව සිටි පිරිසක් බවයි.

විදේශ රැකියා සඳහා ගොස් දිවයිනට පැමිණීමට නොහැකිව සුරක්ෂා නිවාසවල රැඳී සිටින ශ්‍රමිකයින් හැකි ඉක්මණින් යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  එම කාර්යංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා විසින් තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශයන්හි නිලධාරීන් හට දුන් උපදෙස් මත මෙසේ ඔවුන් ගෙන්වා ඇත.

ඒ අනුව එම පුද්ගලයන්  කුවේට් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීමෙන් පසු එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිනක් තුළ දිවයිනට එවීමට කුවේට් තානාපති කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබූ බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...