පදක්කම් පිරිනැමීම තහනමක සිර වේ

Date:

චීනයේ පැවත්වෙන සීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගි වන රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායමේ ක්‍රීඩිකා කැමිලා වලීවා ජයගත් ෆිගර් ස්කේටිං ඉසව්වේ පදක්කම් පිරිනැමීම නවතා දමන්නට ඔලිම්පික් තරඟ සංවිධායකයන්ට සිඳු විය.ඒ ජාත්‍යන්තර තහනම් උත්තේජන විරෝධි ආයතනය (වාඩා) ස්ටොක්හෝම් හි කරන ලද පරීක්ෂණයක් පදනම් කරගෙන වලීවාට එරෙහිව පනවන්නට යෙදුණ තහනමක් පදනම් කරගෙනය.

මේ තත්ත්වයට වලීවා විසින් අභියාචනයක් ඉදිරිපත් කරමින් විරෝධය පළ කර ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇයගේ පදක්කම් පිරිනැමිම ප්‍රමාද කරමින් සහ ඇය ඉදිරියට තරග වැදීමට නියමිත පෙබරවාරි 15 වන දා ට පෙර මේ සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන ලෙස වාඩා ආයතනයට දැණුම් දී ඇත.

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජන චෝදනාවන් පසුගිය කාලයේදී බරපතල ආකාරයට එල්ල වූ අතර රුසියානු රජය එහිදි ක්‍රියා කළ ආකාරය නිසා මේ වන විටත් රුසියානු ධජය යටතේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රියාත්මක කරන තරග නියෝජනය එරටට තහනම් කර ඇත.පුටින්ගේ ආඩම්බරයට ක්‍රීඩා ලෝකය යටත් වී නැති අතර නමුත් එරට ක්‍රීඩා දක්ෂතා ඇගයීමේ උවමනාව මත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔවුන්ට එරට ඔලිම්පික් කමිටු ධජය යටතේ තරග කරන්නට අවස්ථාව සළසා ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...