ඩොනල්ඩ් ට්‍රම්ප්ට විෂ මිශ්‍ර වූ ලිපි යැවූ පැස්කල් ෆෙරියර්ට වසර 22ක සිර දඩුවම්

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටියදී ඔහු ඇතුළුව රිසින් විෂ මිශ්‍ර වූ ලිපි යැවීම සම්බන්ධයෙන් කැනේඩියානු කාන්තාවක්වන 56 හැවිරිදි පැස්කල් ෆෙරියර් ජීව විද්‍යාත්මක අවි චෝදනා මත වසර 22 ක සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් වෙත යොමුකළ එම මාරාන්තික ලියුම් කවරය ධවල ​​මන්දිරයට භාර දීමට පෙර 2020 සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් ෆෙරියර් උසාවියට ​​ප්‍රකාශ කළේ තම සැලසුම අසාර්ථක වීම ගැන කනගාටු වන බවත් “ට්‍රම්ප් නැවැත්විය නොහැකි” බවත්ය. සිරදඬුවම් විඳීමෙන් පසු ඇය එක්සත් ජනපදයෙන් පිටුවහල් කරනු ලැබේ.

එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන මේ සම්බන්ධයෙන් සදහන් කර තිබුණේ පැස්කල් ෆෙරියර් විසින් ට්‍රම්ප් වෙත යවන ලද ලිපියට ඔබ්බවන ලද රිසින් නම් විෂ කාරකය පැය 36 සිට 72 දක්වා කාලය තුළ මරණයට හේතු විය හැකි බවයි. මිට පෙරද ජනාධිපති බැරැක් ඔබාමා වෙතද රිසින් ලේස් සහිත ලිපි යැවීමක් සිදු වූ අතර ඊට සම්බන්ධ වූ මිසිසිපි ජාතිකයෙකුට වසර 25 ක සිර දඬුවමක් නියම විය.

සශිකලා මධුෂාණි_outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...