මේක කුරිරු නීතියක් – හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්,හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි මහතා පවසන්නේ , යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ අතිශය අමානුෂික බවත්  සේවකයින් බලවත් අසාධාරණයට ලක්වන ප්‍රතිසංස්කරණ රැසක් එම යෝජනාවලට ඇතුළත් බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි මහතා,

“අර්ධ කාලීන කියලා සේවකයින් බඳවාගැනීමේ හැකියාවක් යෝජිත කම්කරු නීති සංශෝධනය යටතේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවා. හෝටල් පාලකයාට අයිතිය ලැබෙනවා.. කාර්යබහුල වේලාවේදී පමණක් පැය 03කට සේවකයෝ බඳව ගන්න. ඊට පස්සේ ගෙදර යවන්න. අලුත් සේවකයෙක් ඕනේ නම් ආයෙත් ගන්න. පාලකයාට පැය 08කට ගෙවන්න ඕනේ නැහැ. අතිකාල ගෙවන්න ඕනේ නැහැ. අතිකාල නැතුව වැඩ ගන්න පුළුවන්. මේක කුරිරු නීතියක්.”

ලෙස ඔහු ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...