නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ගැන පැතිර යන කටකතාවලට ලේකම්ගෙන් පිළිතුරු

Date:

කොළඹ (LNW): නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතාට මඩ ගැසීම සඳහා නිර්නාමික ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ.

එම ලිපියෙහි ඇති ඇතැම් දේවල් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් කල මාස දෙකක වංචාවන් ලෙස පෙන්වා දී තිබෙනවා.

එහි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා රජයේ වාහන අනිසි ලෙස භාවිත කරමින් රජයේ සේවකයන් තම අවශ්‍යතා අනුව යොදා ගනිමින් රජයේ මුදල් නාස්ති කරන බව ප්‍රධාන වශයෙන්ම කියැවේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපියක් පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත යවා තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා රජයේ වාහන අනිසි ලෙස භාවිත නොකරන බවත් හිටපු ආණ්ඩුකාරවරුන් භාවිත කළ වාහන භාවිත කරන බවත් , මෙම කටකතා ආණ්ඩුකාරවරයා කෙරෙහි ද්වේශ සහගත ප්‍රකාශයක් ලෙස සලකන බවත් ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙන් ජනතා විශ්වාසය පළුදු කිරීමට අසත්‍ය පුවත් ප්‍රචාරය කරන බවත් ලේකම්වරයා යැවූ ලිපියේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීමට අවශ්‍ය අයට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ අයදුම් කර ලබා ගත හැකි බවත් අසත්‍ය තොරතුරු පිළිබඳව කලකිරීමට පත් නොවිය යුතු බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් එල්.බී.මදනායක මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...