වසර 47කට පසු රුසියාවේ ප්‍රථම සඳ මෙහෙයුම අසාර්ථකයි

පසුගිය අගෝස්තු මස 10වන සද මත ජල අංශු සොයා බැලීමත්, ග්‍රහලෝකයේ දිගු කාලයක් මිනිස් වාසයට සුදුසුද යන්න සොයා අපේක්ෂාවෙන් අභ්‍යාවකාශගත වූ Luna-25 අභ්‍යවකාශ යානය පාලනයකින් තොරව කක්ෂයට භ්‍රමණය වීමෙන් පසු සඳ මතට කඩා වැටී ඇති බව රුසියානු අභ්‍යවකාශ සංස්ථාව වන Roskosmos නිවේදනය කර තිබේ.

1976 දී ක්‍රෙම්ලිනය පාලනය කළ ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්ගේ අවධියේ අභ්‍යාවකාශ ගතකළ Luna-24 න් පසු රුසියාව සඳ මෙහෙයුමක් සඳහා උත්සාහ කර නොතිබුණු අතර වසර 47කට පසු Luna-25 රුසියාවේ ප්‍රථම සඳ මෙහෙයුමයි.

රුසියානු අභ්‍යවකාශ නිලධාරීන්ට අනුව අගෝස්තු 21 වන දින Luna-25 සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට මෘදු ගොඩබෑමක් අපේක්ෂා කළ අතර ඔවුන් විශ්වාස කලේ ඉන්දියාවේ චන්ද්‍රයාන් යානයට ප්‍රථම Luna-25 සාර්ථකව ස්පර්ශ වනු ඇති බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...