අවසාන තරඟයක් කියන්නෙ වෙන එකක් – ජයග්‍රහණය ස්පාඤ්ඤයට

සටහන: නිෂ්මං රණසිංහ

කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී බොහෝ දෙනෙක් පළ කළ මතයන්ට අනුව ජයග්‍රහණය කරනු ඇතැයි කී එංගලන්තය පරාජය කරමින් ස්පාඤ්ඤය, 2023 කාන්තා ලෝක කුසලානයේ හිමිකාරියෝ වූහ. අවසාන තරගයක පීඩනය නොදැනෙන සේ මෙන්ම නොපෙනෙන සේ ක්‍රීඩා කළ ස්පාඤ්ඤය වෙනුවෙන් ඔල්ගා කාරමෝනා තරගයේ පළමු අර්ධයේ ලබා ගත් ගෝලයේ වාසිය එක දිගටම පවත්වාගෙන යමින් 1 – 0 ක් ලෙස තරගය ජය ගන්නට සමත් විය.

තරගයට පෙරාතුව ලබා දුන් පූර්ව අනාවැකි ගණනාවකදීම වැඩි දෙනෙක් ජයග්‍රහණයේ සළු එංගලන්තයේ දවටා තිබීම ඔවුන්ට බරක් මෙන් දිස් විය.ඒවායෙන් මිදී නිදහසේ ක්‍රීඩා කිරීමක් ඔවුන්ගෙන් ප්‍රකට නොවිණි.විශේෂයෙන් තරගාය් අවසාන විනාඩි කිහිපයට එන තෙක්ම පන්දුවට පැමිණීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ යම් මැලිකමක් දක්වන බවක් පෙනෙන්නට වූහ.ඊට ඉදුරාම වෙනස් ක්‍රීඩා රටාවක් පෙන්නූ ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ පන්දුව වෙත යොමු වීම,වේගය සහ නිසි ඉලක්කයට පන්දුව යොමු කිරීමේදී එංගලන්ත ක්‍රීඩිකාවන්ට වඩා ඉදිරියෙන් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...