මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අද ආරම්භ වේ

Date:

සටහන: නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන සෙංකඩගල පුර ඇසළ පෙරහැර මංගල්‍ය පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය සමඟින් අද (21) ආරම්භ වේ.

පෙරහැර සඳහා කප් සිටුවීම ඉකුත් 17 වන දින සිව් මහා දේවාලයන්හීදී සිදුවූ අතර එදින සිට අවස්ථා පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්විණි.

අගොස්තු මස 21 සිට 25 දින දක්වා පුරා දින පහක් කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි. පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අගෝස්තු මස 26 වන දින සිදුවේ. එතැන් සිට දින පහක් එනම් අගෝස්තු 30 වන දින දක්වා රන්දෝල් පෙරහැර ගමන් ගනී. අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනුයේ අගෝස්තු මස 30 දින වන අතර එදින සාධාතුක පෙරහැර කරඩුව අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානයේ තැම්පත් කිරීමෙන් අනතුරුව පසුදින අලුයම් කාලයේ ගැටඹේ දිය කපනා ගංතොටේදී දිය කැපීමේ මංගල්‍ය සිදුවේ.

දිය කැපීමෙන් පසු සිව් මහා දේවාල පෙරහැර මහනුවර කටුකැලේ සෙල්වවිනයාගර් හින්දු කෝවිලට පැමිණ පුද පුජා පැවැත්වීමෙන් අනතුරුව 31 දින පැවැත්වෙන දහවල් පෙරහැර හා එක්වේ. අස්ගිරිය ගෙඩිගේ විහාරයේ තැම්පත් කොට ඇති සධාතුක පෙරහැර කරඩුව වැඩම කොට ගත් දහවල් පෙරහැර මහනුවර ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් හැරී ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

අනතුරුව පෙරහැර සාර්ථකව නිම කළ බව සඳහන් සන්දේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයාට භාරදීම එදින පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී සිදුවේ.

ඡායාරූප (ඉකුත් 2022 වර්ෂයේදී ලබා ගත් ඒවායි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනය කරනවා නම් රිමාන්ඩ් වෙන්නත් ඕනේ. නැත්නම් ඒ දේශපාලන චරිතය සම්පූර්ණ වෙන්නේ නැහැ!

කොළඹ LNW:රටේ දේශපාලඥයෙක් ලෙස රිමාන්ඩ් භාරයෙවත් නොසිටියහොත් එම දේශපාලන...

රනිල් වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව විශාල පිරිසක් පෙනී සිටිනවා – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින...

සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ...

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...