විදේශ රැකියා ජාවාරමට ගුවන්තොටුපොළේ ඉඩ නෑ – මනූෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ ආරක්ෂික සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය විවෘත කිරීමේ උත්සවයට අද (21) එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසූවේ විදේශ රැකියා ජාවාරමට ගුවන් තොටුපොලේ සියලුම අංශවලින් සහය ලැබෙන බවයි.

මිනිස් වෙළදාම වැළැක්වීම වෙනුවෙන් රජය ගෙනයන වැඩසටහනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහයෝගය නොලැබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව සංචාරක වීසා මගින් විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීම වළක්වාගැනීම සහ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නිසි මාර්ගෝපදේශනය ලබාදීම අරමුණු කරගනිමින්  මෙම ඒකකය පිහිටුවා ඇත.

මෙම ඒකකය මගින් මූලික වශයෙන් මැලේසියාව, ඕමානය, ඩුබායි හා අබුඩාබි යන රටවල් වෙත සංචාරක වීසා මගින් විදෙස්ගත වන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සැලසුම් කර ඇති අතර , ඒ අනුව සතියේ දින 7 තුළ පැය 24 පුරා ක්‍රියාත්මක වන ඒකකයක් ලෙස ගුවන්තොටුපළ පරිශ්‍රයේ කටයුතු සිදුකරනු ලබන බව දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...