ශ්‍රී ලංකාව විසින්  බංගලාදේශයට ඩොලර් මිලියන 50ක ණය වාරිකයක් ගෙවා දමයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මීට වසර දෙකකට පෙර බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදලේ පළමු වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් ශ්‍රී ලංකාව විසින් මෑතකදී පියවා ඇති බව බංග්ලාදේශයේ නිව් ඒජ් වෙබ් අඩවියේ වාර්තාවක් අනාවරණය කරයි.

දකුණු ආසියානු රටවල් අත්විඳින ලද හදිසි විදේශ විනිමය සංචිත අර්බුදයකට විසඳුම් සෙවීම සඳහා බංග්ලාදේශ බැංකුව (BB) විසින් ශ්‍රී ලංකාවට මෙම මූල්‍ය ආධාර ලබා දෙන ලදී.

බංග්ලාදේශ බැංකුවෙහි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රකාශක Md Mezbaul Haque පවසන පරිදි ශ්‍රී ලංකාවෙන් පළමු ගෙවීම අගෝස්තු 17 වන දින ලැබී ඇති ලෙසටයි වාර්තා වන්නේ.

අගෝස්තු 30 වන විට ශ්‍රී ලංකාව තවත් වාරිකයක් ආපසු ගෙවීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. සැප්තැම්බර් මාසය වන විට සමස්ත එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණය ආපසු ගෙවීම බංගලිදේශ බැංකුවට ගෙවා අවසන් කරනු ඇති බවට, Md Mezbaul Haque තවදුරටත් පවසා ඇත.

ව්‍යවහාර මුදල් හුවමාරු ගිවිසුමේ නියමයන් යටතේ, බංග්ලාදේශය ශ්‍රී ලංකාවට මෙම මූල්‍ය ආධාරය වෙන් වෙන් වශයෙන් කොටස් තුනකින් ලබා දුන්නේය. ඇමරිකානු ඩොලර් මිලියන 50 ක පළමු වාරිකය අගෝස්තු 19 වෙනිදා, දෙවන වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 100 අගෝස්තු 30 වෙනිදා සහ ඉතිරි ඩොලර් මිලියන 50 2021 සැප්තැම්බර් මාසයේදී වශයෙනි.

මුදල් හුවමාරු ගිවිසුමේ ආරම්භක කාලසීමාව මාස තුනකට නියම කරන ලද අතර ගිවිසුම වෙනස් කිරීමේ කොන්දේසියක්ද අඩංගු වූ අතර, මූල්‍ය පහසුකම් ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ලබා දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...