දකුණු ආසියානු බැඩිමින්ටන් සූරතාවලිය අද නේපාලයේදී නිමාවට පත් වුණේ ශ්‍රි ලංකාවේ අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ ක්‍රිඩක ක්‍රිඩිකාවන් කණ්ඩායම් ඉසව්වෙන් දිනා දුන් රන් පදක්කම් දෙකට තවත් රන් පදක්කම් හතක් සහ රිදී පදක්කම් රිදී පදක්කම් පහක් ද එකතු කරමින්ය.අද පැවති අවසාන තරග 10 න් අටකම ශ්‍රි ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන් දකින්නට ලැබිණ.එහිදී අවසන් තරග අට සඳහා ඉදිරිපත්ව සිටි ක්‍රිඩක ක්‍රිඩිකාවන් අතරින් රන් පදක්කම කරා යාමට නොහැකි වුයේ අවුරුදු 15 න් පහළ අවසාන තරගය නියෝජනය කළ තිදැස වේරගොඩට පමණි.ඔහු ලකුණු 21 – 16,12 -21 සහ 21 – 17 ක් ලෙස බංගලාදේශයේ සිෆාත් උල්ලා ට පරාජය වීය.



මෙහිදී අවධානය යොමු කළ යුතුම කාරණය ජයග්‍රහණයටත් වඩා පිරිමි බැඩ්මින්ටන් ක්‍රිඩාවෙන් දකුණු ආසියාවේ දී හ්‍රි ලංකාවට එල්ල විය හැකි අභියෝගයන්ය.විශේෂයෙන්ම බංගලාදේශය ඒ අතරින් ප්‍රමුඛ තත්ත්වයක පසුවන පැහැදිළි විය.ඉන්දියාව වැනි ලෝක මට්ටමේ බැඩිමින්ටන් සංස්කෘතියක් ආක්‍රමණය කරන්නට හීන දකින ලාංකේය බැඩිමින්ටන් සඳහා ආදරය කරන සියල්ලන් දැලේ එක පැත්තකට පැමිණ සෙසු ලෝකයට අභියෝග කළ හැකි නිසි සහ විධිමත් සැළසුමක් සකස් කිරීම මේ මොහොතට අතිශයින් වැදගත් වනු ඇත.
අවුරුදු 15 න් පහළ බාලක කේවල් සහ යුගල රන් පදක්කම් දෙක පමණක් නොව එහි යුගල අවසාන තරගයට ක්‍රිඩා කිරීමට ශ්‍රි ලංකා යුගලයකට සුදුසුකම් ලබා ගැනීමටවත් නොහැකි විය.අවුරුදු 17 න් පහළ තරගවලදීද බාලක ක්‍රිඩකයෙක්ට කේවල අවසාන තරගයට පැමිණෙන්නට නොහැකි විය.



තරගාවලියේ කැපී පෙණුනම ක්‍රිඩිකාව වුයේ රනිත්මා ලියනගේ ය.ඇය ජාතික මට්ටමෙන් සිට්න ස්ථාවරයේ ප්‍රබලත්වය මේ තරගාවලියේදී මැනවින් විඳහා පෙන් වු අතර ඇය කාන්තා කේවල,කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස අවුරුදු 17 න් පහළ කාණ්ඩයේදී සුරතා ත්‍රිත්වයම දිනා ගත්තාය.නෙත්මි රත්නායක ද එසේම එම සුරතා තුනටම හිමිකම් කීවේ අවුරුදු 15 න් පහළ කාණ්ඩයේදී ය.
මේ කාරණය වඩාත් පළල්ව විමසා බැලිය යුතුය.ජය සතුටට කරුණක්ය.නමුත් ශ්‍රි ලංකාවේ සැළසුම ඉන්දියාව පසුකර යාම පහසු නැතත් ආසන්න කාලයකදී ඒ දක්වා යා හැකි වෘත්තීමය තත්ත්වයක් නිර්මාණය කිරීමය.ඒ සඳහා අවශ්‍යය වානිජ ආකර්ශණය සහිත ලෝකයට විවිර වු මාර්ග සහිත උසස් සංස්කෘතික වටපිටාවක් සඳහා බැඩිමින්ටන් අරගෙන යාමට එහි සභාපතිවරයා කරන ආයෝජනයන් ද සුළු නැත.දැන් එම ආයෝජනයන් සාර්ථක ප්‍රතිපල කරා ළඟා වීමටනම් බැඩිමින්ටන් පරිපාලනය හඳුනාගත් සිය විරුද්ධ මතවාද වෙත කඩා පැනීම යම් නිශ්චිත සාධක මත වන පෞද්ගලික නොවන එකඟතාවයකින් නැවතිය යුතුය. විරෝධතාවය බැඩිමින්ටන් සම්බන්ධ ආදරයකින් පැන නැඟෙන්නේනම් පරිපාලනයට එරෙහිව යාමද එවැනිම ක්‍රිඩාවේ පොදු පැවත්ම සහ අභිවෘද්ධිය වෙනුවෙන් නැවතිය යුතුය.


ලංකාවේ අවාසනාවකට හැකියාවන් සහිත පරිපාලනයේ විවිධ චරිත එකිනෙකාට විරුද්ධව සදාකාලික වු විරෝධතාවයක් සහිතව ක්‍රියා කිරීම සුලබ කරුණක්ය.ඒ නිසාම ජය සොයා යන ගැල ඉදිරියට බැදුණ සහ පසුපසට බැදුණ අම්බරුවන් සහිත ස්වරුපයක් පෙන්නුම් කරන්නේය.එහෙත් මේ සකලවිධ ශක්‍යතාවයන් සහිත පුද්ගලයන් එකඟ සහ සමඟි වැඩ සැළසුමක ලංකාවේ බැඩිමින්ටන් ඉහළට ඔසවා තබන්නට කටයුතු කරන්නට පියවර ගන්නේනම්,සිංහයන් සහ ව්‍යාඝ්‍රයන් තරහ කොට ඒ හරහා තමන්ට ජීවිතයට කන්නට නොලැබෙන සිංහ සහ ව්‍යාඝ්‍ර මස් බුදින්නට බලා සිටින කැනහිළුන් හැර ලංකාවේ බැඩිමින්ටන් ඉදිරියට ගෙන යා හැකිය.
නේපාල තරගාවලිය පැහිදිළි කළේ ශ්‍රි ලංකාවේ බැඩිමින්ටන් ඇත්තටම දෙපැත්තට ඇඳෙමින් තිබෙන බවක්ය.ඒ නිසා ජයග්‍රහණය ගැන උපරිමයෙන් සතුටුවන ප්‍රමාණයටම පරාජයන් ජයග්‍රහණයන් බවට පෙරළා ගැනීමට ඇති පාරවල් හොයා ගැනීම ගැන ද,පරාජයට හේතු වු මාර්ගවල් හඳුනාගැනීම ගැන ද උපරිමයෙන්ම වෙහෙස වී සෙවීම උපරිමයෙන්ම සතුටු වීමටත් වඩා වැදගත්ය.
ශක්තිවන්තයන් කොටසක් ගල පෙරලමින් ඇත.තවත් ශක්තිවන්තයන් පිරිසක් ගල පෙරලන අයට හු තියමින් ඇත.මේ දෙපිරිස වෙන්ව තබා ගැනීමෙන් තමන්ට අත්වන සුභ සිද්ධිය ගැන හිතන පිරිසක් පෙරලන ගල අඩ හිටගෙන ශක්තිවන්තයන් දෙපිරිස අවුලුවන විෂබීජ ඉසිමින් සිටින්නේය.මේ ඇත්ත බැඩිමින්ටන්වලට සම්බන්ධ කර බැලුව විට කළ යුතු දේ සිතා ගන්නට අපහසු නැත.

අප දිනමු!
පැැරදුන හැටි ගැන හිතමු!
ජයග්‍රහණයට පිවිසෙන හැටි ගැන සැළසුම් සකස් කරමු!
සියල්ල වෙනුවෙන් එකතු වී අලුත් වෙන්නට උත්සාහ කරමු!
නේපාල තරගාවලිය අවසානයේ ජයග්‍රාහී සියලු දෙනාටම සුබ පතන අතරේ ජාතික බැඩිමින්ටන් ක්‍රිඩාවක් වෙනුවෙන් ජයග්‍රාහී ස්ථාවරයක් සකසන්නට උත්සාහ කළ යුතුව ඇති බව බලධෘරීන්ට නැවත නැවත සිහි කරන්නෙමු.!
තරගාවලිය සම්බන්ධයෙන් වන ඡායාරුප රැසක් මේ සමඟ පළ කරන්නෙමු.



අවසන් තරගවල ලකුණු සටහනට පිවිසෙන්න…
https://bwf.tournamentsoftware.com/tournament/9b2bb803-85e3-474e-aeb3-d6ba0d54527c/matches/20230822
සටහන – නිෂ්මං රණසිංහ
