සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීදි සංචාරයට එක්විය!


නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ඊයේ (22) රාත්‍රී විදි සංචාරයට එක්විය.

රාත්‍රී හත පසුවී මිනිත්තු පහට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව පිටත්
වූ පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන්
ගෙවැදීම සිදුවිය.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහරාජා ඇතු සධාතුක කරඩුව වැඩම
කරවූ අතර කණ්ඩුල සහ මියන්රාජා ඇතුන් දෑලේ ගමන් ගත්හ.
ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර අද (23) රාත්‍රී වීදි සංචාරය
කිරීමට නියමිත අතර පස්වරු හත පසුවී මිනිත්තු දෙකට පිටත්වන පෙරහැර
දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ
ගමන් කොට රජ වීදියෙන් ගෙවැදිමට නියමිත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...

ජනතාව කැමති වුණත් අකමැති වුණත් රටට අවශ්‍ය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහබැංකු අධිපති

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාවගේ අකමැත්ත හේතුවෙන් ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති...