දෙවන කුඹල් පෙරහැරේ දී අලි ඇතුන්ගේ නොසන්සුන්කාරී තත්ත්වයක් (PHOTOS)

Date:

2023.08.23
නදීක දයා බණ්ඩාර – මහනුවර

ඇසළ පෙරහැර මංගල්‍ය අතරේදී දේවාල පෙරහැරෙහි ගමන් ගත් අලි ඇත් කුලප්පුවක්
නිසා මහනුවර වැවට වැටීමට ගිය පිරිස් නිරුපද්‍රිතව මුදා ගැනිමට පොලිස් ජීවිතාරක්ෂක
ඒකකයේ නිලධාරීන් සමත්වූහ.

කතරගම දේවාලයේ අලියෙකු පෙරහැරේ ගමන් ගනිමින් සිටියදී කුලප්පුවී ඉදිරියට ගමන් කිරීමත් සමඟ ඉදිරි විෂ්ණු දේවාල පෙරහැරෙහි ගමන් කරමින් සිටි ඇතුන් දෙදෙනෙකු කලබලවී දළදා වීදියේ වැව් බැම්ම දෙසට ගිය යාමෙන් මෙම නොසන්සුන්කාරී බව ඇති විය. වැව අසල පදික වේදිකාවේ පෙරහැර නරඹමින් සිටින ප්‍රදේශයට ඇතු පැමිණීම නිසා පෙරහැර නරඹමින් සිටි පිරිස් තෙරෙපෙමින් වැවට පැනීමට උත්සහ කොට තිබේ.

තෙරපීමෙන් වැවට වැටුණු කිහිපදෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක අංශය මගින් ගොඩ ගෙන ඇති අතර තෙරපීමෙන් තුවාල ලත් කාන්තාවක ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.
නොසන්සුන් වූ අලියා සහ ඇතුන් දෙදෙනා මෙල්ල කොට බැද දැමීමට ඇත් ගොව්වන් හා
පශු වෛද්‍යවරුන් කටයුතු කළ අතර මේ හේතුවෙන් පෙරහැර ගමනට බාධාවක් නොවීය.


ඒ සමඟ යළි පෙරහැර වීදි සංචාරය ආරම්භ කිරීමට පෙරහැර සංවිධායක මණ්ඩලය
කටයුතු යොදන ලදි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...