දෙවන කුඹල් පෙරහැරේ දී අලි ඇතුන්ගේ නොසන්සුන්කාරී තත්ත්වයක් (PHOTOS)

2023.08.23
නදීක දයා බණ්ඩාර – මහනුවර

ඇසළ පෙරහැර මංගල්‍ය අතරේදී දේවාල පෙරහැරෙහි ගමන් ගත් අලි ඇත් කුලප්පුවක්
නිසා මහනුවර වැවට වැටීමට ගිය පිරිස් නිරුපද්‍රිතව මුදා ගැනිමට පොලිස් ජීවිතාරක්ෂක
ඒකකයේ නිලධාරීන් සමත්වූහ.

කතරගම දේවාලයේ අලියෙකු පෙරහැරේ ගමන් ගනිමින් සිටියදී කුලප්පුවී ඉදිරියට ගමන් කිරීමත් සමඟ ඉදිරි විෂ්ණු දේවාල පෙරහැරෙහි ගමන් කරමින් සිටි ඇතුන් දෙදෙනෙකු කලබලවී දළදා වීදියේ වැව් බැම්ම දෙසට ගිය යාමෙන් මෙම නොසන්සුන්කාරී බව ඇති විය. වැව අසල පදික වේදිකාවේ පෙරහැර නරඹමින් සිටින ප්‍රදේශයට ඇතු පැමිණීම නිසා පෙරහැර නරඹමින් සිටි පිරිස් තෙරෙපෙමින් වැවට පැනීමට උත්සහ කොට තිබේ.

තෙරපීමෙන් වැවට වැටුණු කිහිපදෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක අංශය මගින් ගොඩ ගෙන ඇති අතර තෙරපීමෙන් තුවාල ලත් කාන්තාවක ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.
නොසන්සුන් වූ අලියා සහ ඇතුන් දෙදෙනා මෙල්ල කොට බැද දැමීමට ඇත් ගොව්වන් හා
පශු වෛද්‍යවරුන් කටයුතු කළ අතර මේ හේතුවෙන් පෙරහැර ගමනට බාධාවක් නොවීය.


ඒ සමඟ යළි පෙරහැර වීදි සංචාරය ආරම්භ කිරීමට පෙරහැර සංවිධායක මණ්ඩලය
කටයුතු යොදන ලදි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...