ක්‍රිකට් පාර්ලිමේන්තු ඒම ගැන හුඹස් බියක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයද,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද බලවත් යන්න ගැටළුවක් මතුවන තත්ත්වයකින් යම් ප්‍රවෘත්ති නිර්මාණය වෙමින් පවතියි.ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධයෙන් මෙන්ම ඔහුට උපදෙස් දෙන්නට සිටින පුද්ගලයන්ගේ සමහරක් කරුණු සමඟ එකඟවිය නොහැකි නමුත් රටේ ව්‍යවස්ථාපිත ආයතනයක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලය හැටියට පාර්ලිමේන්තුවට විමසා බැලීමට ඇති අයිතියට අපි ගරු කරන්නෙමු.

පාර්ලිමේන්තුවේ සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා පමණක් නොවන අතර ආණ්ඩුව පමණක්ම නොවේ.ඒ නිසා පක්ෂ විපක්ෂ සියලු දෙනාට රටේ පුරවැසියන්ට අයිති ක්‍රීඩාවක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම බැහැර කළ හැකි නොවේ.

රටක පුරවැසියන්ට අයිති ක්‍රීඩාවක් සම්බන්ධයෙන් පුරවැසියන්ට අයහපතක් නොවන සේ රටේ පුරවැසියන් පත්කර යවන නියෝජිතයන් සාකච්ඡා කිරීමෙන් රටේ ක්‍රීඩාවට අයහපතක් සිඳුවන බව සිතීම හුඹස් බියකි.එයින් (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ) අයිසීසී තහනමක් ඇති වේය හෝ ආසියානු ක්‍රිකට් තරගාවලිය අහිමි වේය යනුවෙන් කැළඹීමක් ඇති කිරීම යහපත් තත්ත්වයක් නොවන්නේය.

පාර්ලිමේන්තුවේ විවිධ දේශපාලන අදහස් දරණ අය සිටින බව අපි දනිමු.එහිදී ක්‍රිකට් විෂය සම්බන්ධයෙන් පරිපාලනයට පක්ෂ මෙන්ම විපක්ෂවද අදහස් ඉදිරිපත් විය හැකි තත්ත්වයක මූලික වශයෙන් ක්‍රිකට් තහනමක් ගැන පමණක් සාකච්ඡා වීම, ඇතැම් විට කෙහෙල් කැන වැට පැනීමේ තත්ත්වයක් හැටියට මහජනතාව තුළ සැකයක් උපදින්නේම සමාජ ජාලා හරහා මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය කිරීම හරහාය.ඒ නිසා ඒවා අපට අනුව වැටෙන්නෙ රජු කඩුව වඳුරාට ලබා දීමේ තත්ත්වයකට ය.

එම නිසා අප හෙට දවසේ සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස ක්‍රිකට් විෂය සම්බන්ධයෙන් රටේ සමස්ත මහජනයා විසින් පත්කර එවන ලද නියෝජිතයන් විසින් අදහස් දැක්වීම දකින්නේ,ක්‍රිකට් සම්බන්ධ විවිධ අදහස් මහජනතාව වෙනුවෙන් එකම වේදිකාවක සාකච්ඡා කිරීමක් ලෙසය.

එසේම අපි ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ දේශපාලනය විසින් ගැටළුකාරී තත්ත්වයක් ඇති කර තිබෙන පාපන්දු,රගර් වැනි ක්‍රීඩා සම්බන්ධයෙන් ද පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයන් උත්තරීතර පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්නේදැයි යන්නත් විමසිල්ලෙන් බලා සිටින්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...