*
Friday, October 18, 2024
spot_img

Latest Posts

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වී අලෙවි මණ්ඩලයට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් උපදෙස්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ , ආහාර සුරක්ෂිතතාව සඳහා අවශ්‍ය ආහාර සංචිත පවත්වා ගැනීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇති බවත් ඒ සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල සටහනක් සකස් කරන ලෙස වී අලෙවි මණ්ඩලයට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි.

පසුගිය මහ කන්නයේ දී වී අලෙවි මණ්ඩලය යටතේ වී මිල දී නොගැනීම හේතුවෙන් මේ වනවිට ඔවුන් සතු ව විශාල වී සංචිතයක් නොමැති බව වාර්තා වී ඇති අතර රජය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් මහ කන්නයේ වී අස්වැන්නෙන් වී මිල දී ගත් අතර, ඒවා සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ බෙදාදීමට කටයුතු කර ඇත.

නමුත් මේ වන විට ලෝකයේ බොහෝ රටවල් උග්‍ර ආහාර හිඟයක් එතැයි අපේක්ෂාවෙන් ආහාර සංචිත රැස්කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඉදිරියේ දී ආහාර හිඟයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා රජය සතු ව කිසිදු ආහාර සංචිතයක් නොමැති බවද අමාත්‍යාංශය පවසයි.

වී අලෙවි මණ්ඩලය සතුව මේ වන විට පවතින්නේ, මෙම යල කන්නයේ දී මිල දී ගන්නා ලද වී මෙට්‍රික් ටොන් 215,672ක ප්‍රමාණයක් පමණක් බවත් , මෙවර යල කන්නයේ දී මේ වනවිටත් වී වගාවෙන් අක්කර 50,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, කාලගුණ හා දේශගුණ විපර්යාසයන් හමුවේ මෙවර මහ කන්නය මෙන්ම ඉදිරි යල කන්නය ද අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇති අතර පසුගිය මහ කන්නයේ දී මිල දී ගත් වී තොගවලින් යම් ප්‍රමාණයක් තවදුරටත් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සතු ව ඇත්නම් ඒවා ගබඩා කර තබා ගැනීමට මෙන්ම රජය සතු ව ආහාර ආරක්ෂිත සංචිතයක් පවත්වාගෙන යාම සඳහා වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගැනීම අඛණ්ඩවම සිදුකිරීමට පියවර ගැනීම ද අමාත්‍යවරයා විසින් අවධාරණය කිරීමට නියමිතයි.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ ,
මේ වන විට වැඩිපුර සහල් හා වී තොග පවතින්නේ පෞද්ගලික අංශය සතු ව බැවින් ඉදිරියේ දී සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රජය සතුව වී තොග තිබීමේ අවශ්‍යතාව හා එසේ නොවුනහොත් සහල් මිල ඉහළ යාම මඟින් පාරිභෝගිකයන් හට සිදුවිය හැකි අපහසුතා සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු දැක්වීමට නියමිත බවයි .

මේ අතර, වියළි කාලගුණයෙන් දිවයිනේ පළාත් 09ටම මේ වන විට බලපෑම් එල්ල වී ඇති අතර, පළාත් 09ට අයත් දිස්ත්‍රික් 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 76කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ඒ අනුව වියළි කාලගුණය හේතුවෙන් බලපෑම් එල්ල වූ පුද්ගලයන් සංඛ්‍යාව 279,739 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan