චන්ද්‍රයාන්-3 සාර්ථකව සඳ මතට ගොඩබසියි

Date:

පසුගිය ජුලි 14වන දා ඉන්දියාව විසින් දියත් කළ චන්ද්‍රයාන්-3 පල්ලි කෝවිල්වල යාච්ඤා හඩ මධ්‍යයේ සඳමත සාර්ථක මෘදු ගොදබස්මක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දියාව දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු රට බවට පත්වනවා පමණක් නොව සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ එක්ව සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සවූ සිව්වන රට බවට ඉන්දියාව පත්වේ.

රෝද හයක රෝවරයක් වන වික්‍රම් යානය චන්ද්‍ර පෘෂ්ඨයේ සැරිසැරීමට සැලසුම් කර ඇති අතර, එමගින් ඡායාරූප සහ දත්ත රැස් කිරීම නියමිතය. එමගින් චන්ද්‍ර පෘෂ්ඨයේ ඛනිජ සංයුතිය පිළිබඳ වර්ණාවලීක්ෂ විශ්ලේෂණයක් ඇතුළු පර්යේෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් රෝවරය සති දෙකක කාලයක් ක්‍රියාකාරීව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුද්ගලික අභ්‍යවකාශ දියත් කිරීම් සහ ඒ ආශ්‍රිත චන්ද්‍රිකා පදනම් කරගත් ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට ඉන්දීය රජය බලාපොරොත්තු වන බැවින් චන්ද්‍රයාන්-3 සාර්ථක ගොඩබෑම අතිශය වැදගත් වේ. මෙය සඳ මත අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීමට ඉන්දියාව ගත් දෙවන උත්සාහය වන අතර 2019 දී අභ්‍යාවකාශගත කළ චන්ද්‍රයාන්-2 මෙහෙයුම අසාර්ථක විය.

බ්‍රික්ස් සමුළුවට සහභාගි වන දකුණු අප්‍රිකාවේ සිට ගොඩබෑම නරඹමින් අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ, මෙය නව ඉන්දියාවේ ජයග්‍රාහී හඬක් බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...