ශ්‍රීලංකන් ගුවන් නියමුවන් අකුරට වැඩ !

Date:

ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය පවසන්නේ අනුමත වාර්ෂික නිවාඩු දිනවලදී සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනවලදී රාජකාරිවල නිරතවීමෙන් වැළකී තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවා පාලනාධිකාරිය විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී සිදු කළ නීත්‍යනුකූල නොවන කප්පාදු කිරීම් සඳහා සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

මෙම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් ලබාදෙන බවට ගුවන් සේවා පාලනාධිකාරිය ලිඛිතව පොරොන්දු ලබා දී ඇති නමුත්, එම පොරොන්දු ඉටු කිරීමට ඔවුන් අසමත් වී ඇති බව පෙන්වා දෙන ගුවන් නියමු සංසදය පවසන්නේ තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන තෙක් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...