භූගත ජලය භාවිත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්!

Date:

කොළඹ LNW: මේ දිනවල පවතින වියළි කාලගුණය නිසා භූගත ජලය භාවිතයේදී ජලයේ රසයේ,ගන්ධයේ හෝ වර්ණයේ වෙනසක් පවතී නම් ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයකින් එම ජල සාම්පලයක් පරීක්ෂා කර ගන්නා ලෙස එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පර්යේෂණ සහ සංවර්ධන ආර්. එම්. එස්. රත්නායක මහතා පවසන්නේ භූගත ජල මට්ටම් අඩු වීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදු වන බැවින් මෙම තත්ත්වය ඇතිවන බවයි.

ඒ අනුව කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනය පරීක්ෂණාගාරවලින් ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකි බව රත්නායක මහතා කියාසිටියි.
.
”මේ දිනවල බොහෝ ප්‍රදේශවල ලිං වල ජල මට්ටම අඩුවෙලා තියෙනවා. මේ ජල මට්ටම අඩුවීමත් එක්ක ලවන මට්ටම වැඩිවෙනවා. සමහර ප්‍රදේශවල ජලය අඩුවීම මත ලවන තත්ත්වය වෙනස් වෙන්න පුලුවන්. වැඩි අවධානයක් කරන්න ඕනේ නියඟය පවතින ප්‍රදේශයයි. අපගේ ලැබ් වලට ගිහින් පරීක්ෂා කරගන්න පුලුවන්. ප්‍රාථමික මට්ටමින් PHI මහත්තුරු හරහා කරගන්න පුලුවන්. තමන්ගේ ළිඳේ රස සහ පැහැය වෙනස්වෙලා තියෙනවානම් මේ පරීක්ෂාව කරගන්න. බීමට ගන්නා ජලයේ රසායනික පරාමිතිය 14 විතර. බීමට නුසුදුසු තත්ත්වයක් තවම වාර්තාවෙලා නැති උනාට බොහෝ ප්‍රදේශවල වෙනස්කම් දකිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...