තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09ක් තහනම් කෙරේ!

Date:

කොළඹ LNW: තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09ක් රට තුළ භාවිතය තහනම් කර තිබේ.

ඒ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර අමාත්‍යවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජූලි මස 19 වන දිනැති අංක 2341/30 දරන ගැසට් පත්‍රය මගිනි.

විෂය භාර ආමාත්‍ය නසීර් අහමඩ් මහතා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයට අනුව අදාළ අයිතම නමය යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා යොදාගැනීම තහනම් වෙයි.

එම තහනමට අනුව තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි,ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම 2023 ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.

මෙම දිනයෙන් පසු උක්ත අයිතම රට තුළ නිෂ්පාදනය,දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම,නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වෙයි.

තහනම කඩ කළහොත් ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරනු ඇති.

“ප්ලාස්ටික් මගින් සිදුවන අතිවිශාල පරිසර දූෂණය වැළැක්වීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. ඒ අනුව, මෙම තහනම පනවනු ලැබුයේ ද අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් අයිතම භාවිතය සහ ඒ ආශ්‍රිතව පැන නගින පාරිසරික ගැටලු අවම කර ජීවීන් ඇතුළු පරිසරය රැකගැනීමට පිටිවහලක් ලබාදීමේ අරමුණෙනි. එමෙන්ම පරිසර හිතකාමී විකල්ප ආශ්‍රිත දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ද ප්ලාස්ටික් ආනයනයේදී විදේශ විනිමය අඩුකර ගැනීමට ද මින් පිටිවහලක් සැලසේ” මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යංශය අවධාරණය කරයි.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...