මංගල නික්ම ගිහින් අවුරුදු දෙකක්. මංගල නැති වුනා කියන්නෙ ලංකාවෙ සංස්කෘතික කොන්ද නැති වුනා කියන එක.
ආගම්වල පිස්සුවලට විරුද්ධව බය නැතුව කතා කරන්න, සුළු ජාතික, වෙනස් ලිංගික වගේම වෙනස් අදහස් දරන උන්ගෙ නිදහස වෙනුවෙන් කතා කරන්න කෙනෙක් දේශපාලනයෙ නැති වුනා.
අනිත් හැමෝම දෙයක් වෙනුවෙන් පෙනී ඉන්නෙ තමන්ට චන්ද කීයක් අහිමි වෙයිද කියන අවදානම කිරා බලමින්. ඒත් මංගල තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී හිටියෙ තමන්ට අහිමි වෙන චන්ද හෝ ජන ප්‍රසාදය ගැන තඹ සතේකට මායිම් නොකර.
නිදහස තමයි මංගලගෙ පෙනී සිටීම වුනේ. ඒක කොන්දේසි විරහිත පෙනී සිටීමක්.
දේශපාලනය ඇතුලෙ එහෙම සංස්කෘතික කොන්දක් ඉතුරු වෙලා ඉන්න කිසිම කෙනෙකුට නැති වීම අවාසනාවක්.
ජීවත් වුනත් මළාක් වන් දේශපාලකයො රොත්තක් අතර මංගල කියන්නෙ මළත් ජීවත් වෙන මිනිහෙක්.
~ චින්තන ධර්මදාස
RN